තායිලන්තයේ පසුගිය දින කිහිපය තුළ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව නගර රැසක් ජලයෙන් යට කරමින් දහස් ගණනින් ජනතාව විපතට ඇද දැමීය. මේ වනවිටද එහි අවදානම් තත්ත්වය පහවී ගොස් නැත. එරට බැංකොක් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට යළි ගංවතුර අවදානමක් මතුවී ඇතැයි වාර්තා වේ. පසුගිය ඉරිදා හටගත් මේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබූ අතර, තවත් දෙදෙනකු අතුරැදන් වූ බව වාර්තා වේ.
මීට අමතරව තවත් පළාත් 30ක පවුල් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇති අතර, ඉදිරියේදී මේ තත්ත්වය වර්ධනය වනු ඇතැයි දැන් අනාවැකි පළ වී තිබේ. බැංකොක් නුවර ඇතැම් ප්‍රදේශ ගංවතුරෙන් ආරක්ෂා කර ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබුණද, නිවාස 70,000ක් පමණ ජලයට යටවී ඇතැයි වාර්තා වේ.