අභ්‍යවකාශ සංචාරකයින් රැගත් ලොව පළමු කක්ෂීය යානාව ඉකුත් 16දා අමෙරිකාවේ කෙනඩි තුඩුවෙන් ගුවන්ගත කෙරුණි. සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානාව වන මෙය අභ්‍යවකාශ ගතකර තිබුණේ ස්පේස් එක්ස් ආයතනයයි. පළපුරුදු ගගනගාමීන් නොවන පිරිසක් දීර්ඝ අභ්‍යවකාශ ගමනක් සඳහා එක්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි.
නාසා ආයතනයේද මැදිහත්වීමෙන් ඉන්ස්පිරේෂන් - ෆෝ (Inspiration 4) ලෙසින් නම්කර ඇති මේ විප්ලවීය දියත් කර තිබුණි. ඒ යටතේ පුද්ගලයින් සිව්දෙනෙකු අභ්‍යවකාශය වෙත රැගෙන ගිය අතර, ඔවුන් කිසිවෙකුත් පුහුණු ගගනගාමීන් නොවූහ.
අඩි 13ක් පළලින් යුතු ස්පේස් එක්ස් ආයතනයට අයත් ඩ්‍රැගන් කැප්සූලයේ රැඳී සිටින ලොව පළමු විශ්ව සංචාරකයින් පිරිස පෘථිවියෙන් සැතපුම් 350ක් ඉහළ අභ්‍යවකාශයේ තෙදිනක් ගතකරනු ඇත. ඒ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය රඳවා ඇති කක්ෂයටත් වඩා සැතපුම් 100ක් පිටතින් වීම තවත් විශේෂත්වයකි. මානව ඉතිහාසයේ විප්ලවීය පියවරක් සනිටුහන් කළ මෙම අභ්‍යවකාශ චාරිකාව සඳහා මූල්‍ය දායකත්වය සැපයූ අමෙරිකානු ජාතික බිලියනපතියෙකු වන ව්‍යාපාරික ජෙරඩ් අයිසැක්මැන්ද මෙම චාරිකාවට එක්වී සිටියි. පිළිකාවක් වැළඳී සුව ලැබූ 29 හැවිරිදි හේලි ආර්සෙනූ, 51 හැවිරිදි ගුරුවරියක වන ෂෝන් ප්‍රොක්ටර් සහ 42 හැවිරිදි අභ්‍යවකාශ ලෝලියෙකු වන ක්‍රිස් සෙම්බ්‍රොස්කි මෙම අවස්ථාව හිමිකරගත් අනෙක් තිදෙනාය. මෙහිදී ඔවුන් නිදහස් පියාසරියක් යටතේ පෘථිවි කක්ෂය වටා භ්‍රමණය වනු ඇතැයි අපේක්ෂිතය.