2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

සූවස් ඇළේ සිරවූ නැව යළිත් ඇළ හරහා යයි!

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 100

ලෝකයේ ප්‍රධාන වෙළෙඳ නාවික මාර්ගයක පිහිටා ඇති සූවස් ඇළේ මහා තදබදයක් හටගැන්වූ Ever Given නෞකාව යළිත් සූවස් ඇළ හරහා අනතුරකින් තොරව යාත්‍රාකර තිබේ. ඒ යුරෝපා රටවල් කිහිපයක් සඳහා නෞකාවේ තිබූ බහාලුම් ගොඩබෑමෙන් පසුවයි. නෞකාව මේ වනවිට ආසියානු කලාපය දෙසට යාත්‍රා කරමින් තිබේ.

ඉකුත් මාර්තු මාසයේ මේ නැව යුරෝපා කලාපය වෙත යාත්‍රා කිරීමේදී සූවස් ඇල හරහා සිරවූ අතර ඒ හේතුවෙන් ජාත්‍යන්තර නෞකා ගමනාගමනය දින 06ක් සම්පූර්ණයෙන්ම ඇන හිටියේය. මීටර් 400ක් දිග මීටර් 59ක් පළල ටොන් 219,079ක් බර පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ එම නැව ආපදාවට ලක්වීම නිසා තවත් නෞකා 50ක් පෝලිමේ තිබූ බව වාර්තා වේ. නැව ආපදාවට ලක්වූ සූවස් ඇළේ මෙම කොටස පටු බැවින් සියලු නැව් ගමනාගමනය ඇණහිට තිබුණි.

සූවස් ඇළ තැනීමට පෙර මුල් යුගයේ යුරෝපයේ සිට ආසියාවට පැමිණෙන නෞකා අප්‍රිකානු මහද්වීපය වටා ඉතා විශාල දුරක් යාත්‍රා කර අනතුරැව ආසියාවට ළඟා විය යුතුව තිබුණි. නමුත් ඊජිප්තුව හරහා මධ්‍යධරණී මුහුද හා රතු මුහුද යා කරමින් ඉන්දියන් සාගරයට පිවිසීම සඳහා සූවස් ඇළ නිර්මාණය වීමත් සමඟ මෙම මාර්ගය කෙටි විය.

සූවස් ඇළ ප්‍රංශ රජයේ වුවමනාව මත නිර්මාණය වූ අතර, වැඩ ආරම්භ කර වසර 10කින් එනම් 1869 වසරේදී මෙය විවෘත කරන්නට යෙදිණි. මෙම ඇළේ පාලන බලය හිමිවන්නේ ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ වෙළෙඳ සමාගම්වලටය. මෙම ඇළ එවකට ඊජිප්තු ජනාධිපතිවරයා විසින් ජනසතු කර එහි ආදායම ඊජිප්තු රජයට පවරා ගැනීමට තීරණය කිරීමත් සමඟ ලොව කැළඹූ සූවස් ඇළ අර්බුදයද ඇවිල ගියේය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00