යෝගට් කෝප්ප කියන්නේ අපට නම් මහා කරදරයක්. යෝගට් ගන්න හුඟක් අය කාලා ඉවරවෙලා කඩේ ළඟම දාලා යනවා. ප්‍රාදේශීය සභාවත් බලන්නේ මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නොගෙන යන්නයි* මල්වානේ චතුරංග කීවේය. ඔහු ග්‍රොසරියක් පවත්වාගෙන යන තරැණයෙකි. වෙළෙඳසල අසල යෝගට් කෝප්ප බැහැර කිරීමට කාඩ්බෝඩ් පෙට්ටියක්ද තබා තිබේ.
මම නම් යෝගට් කෝප්ප, සිසිල් බීම බෝතල් පියන්, බීම බට වගේ දේවල් වෙනම එකතු කරනවා. මොන්ටිසෝරිවල ඉස්කෝලෙ පොඩි පන්තිවල ළමයින්ට ක්‍රියාකාරකම්වලට අවශ්‍ය වුණහම ගන්න පේන්න තබලා තිබෙනවා. ඉතුරැ වෙන ඒවා ප්‍රතිචක්‍රීකරණයට දෙනවා* අප සමග එලෙස පැවසුවේ යටියන කමල්ය. ඔහුත් වෙළෙඳසලක හිමිකරැවෙකි.
අද ශ්‍රී ලංකාවේ පොලිතින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර හිසරදයක් බවට පත්ව ඇත්තේ යෝගට් කෝප්පයි. යෝගට් ආහාරයට ගැනීම හොඳ පෝෂණයක් ලබාගැනීමට හේතුවක් වුණත් යෝගට් කෝප්ප පරිසරයට විනාශයක් ළඟා කරවන අසුරණයකි.
මාසයකට අප රටේ ගොඩ ගැසෙන යෝගට් කෝප්ප ප්‍රමාණය ලක්ෂ 45කි. එය දිනකට ලක්ෂ 1.5ක් වේ. මෙතරම් විශාල ප්‍රමාණයක් එකතු වුවද ඉන් ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙන්නේ 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි. යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රීකරණය සඳහා බාරගන්න ස්ථාන අවම වීමද හුඟ දෙනෙක් තුළ ඒ පිළිබඳ දැනුවත්භාවයක් නැතිවීමද එයට හේතුවකි.
තැන් තැන්වල කඳු ගසා තිබෙන, කාණුවල අත්හැර දමා ඇති ඉඩම්වල තිබෙන යෝගට් කෝප්ප මදුරැවන් බෝවීමටද කෙම්බිමක් වී පවතී. මදුරුවන් 60%ක් බෝවීමට හේතුපාදක වන්නේ හිස් යෝගට් කෝප්ප සහ පොලිතින් යන අපද්‍රව්‍ය වේ. වරක් භාවිත කර ඉවත දමන කෝප්ප දැන් යෝගට්වලට පමණක් නොවේ. වෙනත් බොහෝ දෑ දැමීම සඳහාද නාගරිකව භාවිත කෙරේ. සුපිරි වෙළෙඳසල්වල අලෙවි කෙරේ. මී කිරි, අච්චාරැ, ජෑම්, කෝපි ආහාර වර්ග දැමීමටත් මෙම පොලිතින් නිෂ්පාදනය යොදා ගැනේ. අප රටට යෝගට් මෙන් ලෝකයට හිසරදයක්ව පවතින්නේ කෝපි වැනි බීම වර්ගවලට භාවිත කරන කෝප්පය. ලොව විශාලතම කෝපි නිෂ්පාදකයා වන ස්ටාර්බක්ස් අවන්හවල්වල විනාඩියකට අලෙවි කෙරෙන ප්ලාස්ටික් කෝපි බඳුන් ප්‍රමාණය 8,000කි. එය වසරකට කෝප්ප බිලියන හතරකි.
එක්සත් රාජධානියේ දිනකට ඉවත ලන කෝප්ප ප්‍රමාණය මිලියන 7කි. එය වර්ෂයකට බිලියන 2.5කි. ඕස්ට්‍රේලියාවේ එවැනි කෝප්ප කි.ග්‍රෑ.60,000ක් කසළ ගොඩට එකතු වේ. ලෝකය පුරාම වසරකට එවැනි වරක් භාවිත කර වීසි කරන කෝප්ප ප්‍රමාණය බිලියන 500කි. ඉදින් ලංකාවේ යෝගට් කෝප්ප ගැන කවර කතාද?.
මේ හිසරදයෙන් මිදීම සඳහා ලොව බොහෝ රටවල් Extended Producers Responsibility හෙවත් විස්තීර්ණ වූ නිෂ්පාදකයාගේ වගකීම නම් සංකල්පය ක්‍රියාවට නංවයි. ඒ නිසා දියුණු රටවල කෝප්ප බිලියන ගණනින් භාවිතා කළද ඒවා නැවත නිෂ්පාදකයා විසින් බාරගෙන ප්‍රතිචක්‍රීයකරණයට යොමු කෙරේ. නමුත් අපේ රටේ එවැනි දෙයක් නැත. කටින් බතල කොළ හිටවනවා පමණි.
විස්තීර්ණ වූ නිෂ්පාදකයාගේ වගකීම 2005 සිට අප රටේ පරිසරවේදීන් වගේම පරිසර බලධාරීනුත් දිගටම කතා කරපු කාරණයක්. නමුත් රජය දිගින් දිගටම මේ නීතිය රුගෙන ඒමට අසමත් වුණා. ප්ලාස්ටික්, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ඇතුළු සියලුම අපද්‍රව්‍යවලට වගකිවයුත්තා වශයෙන් සැලකෙන්නේ පළාත් පාලන ආයතනයි. ඒක පරණ නීතියක්. නමුත් දැනටත් ක්‍රියාත්මක වන්නේ ඒ නීතියයි. පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවලට වගකීම ගත නොහැකි අපද්‍රව්‍ය එන්න ගත්තා. ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ඒ අතරින් ප්‍රධානයි. 1985න් පසුව තමයි ප්ලාස්ටික් කසළ බහුලව එන්න ගත්තේ. මේවා පළාත් පාලන ආයතනවලට කළමනාකරණය කිරීමට අපහසුයි. මෙවැනි දේවල්වලට නිෂ්පාදකයාගේ වගකීම සංකල්පය අවශ්‍යයි. යෝගට් කෝප්ප පමණක් නොවෙයි. සිසිල්බීම බෝතල්, වීදුරැ බෝතල්වලට හැරවිය යුතුයි. අප රටේත් 2000 පමණ වෙනකම් වීදුරු බෝතල් තිබුණානේ. ඒ ක්‍රමය නැවත ගෙන ඒමටත් අප ඉල්ලීම් කර තිබෙනවා.* අප සමග එලෙස පැවසුවේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේය. නමුත් ඔවුන්ගේ ඉල්ලීම් ක්‍රියාවට නැංවීමට උනන්දුවක් රජයට ඇති බව අපට නම් පෙනෙන්නේ නැත.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසුවේය.
අප රටේ ප්ලාස්ටික් බෝතල්වල බීම අලෙවි කරන නිෂ්පාදකයා එහි වගකීම පාරිභෝගිකයා පිට පවරනවා. යෝගට් කෝප්ප ලංකාවේ ප්‍රධාන ගැටලුවක්. යෝගට් කාලා ඉවත විසි කරන කෝප්ප ප්‍රමාණය මාසෙකට මිලියන 45ක්. ෂොපිං බෑග්, ලන්ච් ෂීට්, බෝතල් තවත් මිලියන ගණනාවක් දිනකට බැහැර කරනවා. දැනට එක් නිෂ්පාදකයෙක් පමණක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යෝගට් කෝප්ප එකතු කරනවා. නමුත් එතැන යම් ගැටලුවක් තිබෙන්නේ කිලෝග්‍රෑමයක් සඳහා යෝගට් කෝප්ප 230ක් අවශ්‍ය වීමයි. ඒ නිසා මිනිසුන් පෙළඹවීමට ක්‍රමයක් නෑ. අනිත් කාරණය යෝගට් කෝප්ප වීසිකළ පසු එයට කුණු බැඳෙනවා. ඊට පසු ඒක සේදීමට වතුර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. යෝගට් කෝප්ප නැවත බාරගැනීමට වැඩපිළිවෙළක් නෑ. මේ නිසා එම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නැහැ. මේකට හොඳම විසඳුම කාඩ්බෝඩ් යෝගට් කෝප්ප යොදා ගැනීමයි. දැනට 99%ක්ම එකතු වන්නේ නැහැ. පරිසරයට එකතු වෙනවා.
බොහෝ විට අප රටේ මිනිසුන්ට පොලිතීන්, ප්ලාස්ටික් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමේ දැනුමක් සහ පුරැද්දක් නැත. මේ නිසා යෝගට් කෝප්පය ආහාරයට ගෙන හිස් බඳුන කාණුවට වීසි කිරීමට බොහෝ දෙනා සිතති. අනාගතයේ දිනක එය ඩෙංගු මදුරැවන් බෝවන, පරිසරය වනසන තැනක් බවට පත්වීම ගැන ඔවුන්ට හැඟීමක් නැත. ඒ සඳහා ජනතාව පෙළගැස්වීමට බලධාරීන් තුළද උවමනාවක් ඇතිබවක් නොපෙනේ. කළ යුත්තේ පාසල් දරැවාගේ පටන් කසළ ක්‍රමවත්ව බැහැර කිරීමටත් ඒවා ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමටත් දැනුම්වත් කිරීමකි. ඒ අතරම බොහෝ රටවල්වල ක්‍රියාත්මක නිෂ්පාදකයාගේ වගකීම සංකල්පයද මෙරට ක්‍රියාත්මක කිරීම දැනටත් ප්‍රමාද වී ඇත. ඉදිරියේදී යෝගට් කෝප්පවලට අමතරව කෝපි කෝප්ප, අයිස්ක්‍රීම් කෝප්ප මිලියන ගණනින් අප රටේද කඳු ගැසෙන බව කිවයුතු නොවේ.
කුසුම්සිරි විජයවර්ධන