දේශපාලන වාර්තාකරු I
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයට ආණ්ඩුවේ නියෝජය මුදල් ඇමැතිවරයෙකු වන ආචාර්ය හර්ෂන සුරියප්පෙරුම මහතා පත් කිරීමට සූදානමක් පවතින බවට කොළඹ දේශපාලන අංශවල ප්‍රබල ආරංචියක් පැතිර යමින් තිබේ.
මීට කලින් මෙම තනතුර සඳහා ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු පත් කිරීමට රජය සැලසුම් කර තිබිණි.
එහෙත් ඒ සම්බන්ධව හටගත් මත ගැටුමක් හේතුවෙන් අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කිරීමට ආණ්ඩුව සැරසෙන බව වැඩිදුරටත් වාර්තා වේ. එසේ වුවහොත් ඉදිරි සතියේදී අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
යෝජිත නියෝජ්‍ය ඇමැතිවරයා මෙයට පෙර රටේ ප්‍රධාන ආර්ථිකමය මර්මස්ථානයක ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර ආර්ථික විෂය සම්බන්ධ ආචාර්ය උපාධිධරයෙක් ද වෙයි.