2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

පොතුහැර සිදුවීමට තවත් නාවික හමුදාපතිවරුන් තිදෙනකුත්?

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01 613

ආරක්ෂක වාර්තාකරු I

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට චෝදනා එල්ල වී ඇති පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව තවත් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට අදාළව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වේ. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම හිටපු නාවික හමුදාපතිවරුන් වන්නේ තිසර සමරසිංහ, සෝමතිලක දිසානායක සහ ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ය.මේ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.