2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

රතන හිමි සී.අයි.ඩීයට!

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 248

ආරක්ෂක වාර්තාකරු I

මීට වසර කිහිපයකට පෙර තමන් සාමාජිකත්වය දැරූ අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයාව සිටි වේදනිගොඩ විමලතිස්ස හිමියන් පැහැරගැනීමේ සිද්ධියකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන් පැය හතරක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගනු ලැබීය.

ඒ අතර උන්වහන්සේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම්පතක්ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම සිද්ධියට අදාළව කරන පරීක්ෂණවල ප්‍රගතිය අනුව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.