2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

තෝරගෙන බේරගෙන නොබැලුවොත් සුන්...

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 85

ඔන්න මචෝ අද Y Trend එක Video පිස්සුවක් ගැන. මේක වෙනම ආතල් එකක්. සුදාලත් මේ ජාතිය Video බලලා ඇති අනිවාර්යයෙන්ම. ඔය ජීවිතේ පහසු කරන චූටි චූටි දේවල් තියෙන Video කෑලී ගැන තමා අද කතාව. තේරෙන භාෂාවෙන් කිව්වොත් Life Hacks Video ගැන තමා මේ යන්න යන්නේ. Face Book පැත්තේ YouTube පැත්තේ කරක් ගහන ඕනෑම කෙනෙක් මේ සීන් එක දැකලා තියෙනවා ආයේ ඒකේ දෙකක් නෑ. මොකද මේ ලෝකේ අංක එකේ Y Trend එකක්.

මොනවද මේ Life Hacks. ඔක්කෝටම කලින් ඒ සීන් එක පැහැදිලි කරලා ඉන්නම් වස්තුලාට. නැත්නම් සීන් එකේ නැති අපේ පැංචොන්ට අද කතාව ග්‍රීක් වෙනවා. ලයිෆ් හැක්ස් කියන්නේ Life hack ජීවිතයේ සෑම තරාතිරමක වැඩවලදී ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩිකරන උපක්‍රමවලට. එකක් කියලා නෑ ඕනෑ එකකට මේක අදාළයි. දේවල් ඉක්මනින් සරලව කරගන්න එක, විවිධ කුසලතා හරි නව ක්‍රමය හරි භාවිත කරන එක මේ සීන් එකට අදාළයි. තාම තේරුණේ නැත්නම් උදාහරණ ටිකක් කිව්වොත් තේරෙයි වස්තුලාට.

ඔන්න දෙහි මිරිකන්න ගෙදර උපකරණයක් නැත්නම් ඒකට ගෙදර වෙන වැඩකට භාවිත කරන උපකරණයක් භාවිත කරන හැටි ගැන මිනිත්තු කිහිප වීඩියෝ එකක් තියෙනවා. නැත්නම් තව වීඩියෝ තියෙනවා. බෙට් සීට් ගවුමක් විදිහට පාවිච්චි කරනවා කෙල්ලෙක් පාටියකට යන්න, වැඩේට යන්නේ විනාඩි කිහිපයයි. ඇඳුමක තිබෙන මකා ගන්න බැරි පැල්ලමක් බේකින් සෝඩා දෙහි යුෂ භාවිත කරලා විනාඩියෙන් ඉවත් ගන්නවා. මේ වීඩියෝවල ගොඩක් වෙලාවට පැහැදිලි කිරීම් නෑ Voice නෑ. පොඩි Music එකක් යන්නේ. වැඩි වෙලාවක් ගන්නෙත් නෑ.

තව දෙයක් මචෝ මේක කෑම බීම ඇඳුම් පැළඳුම් රෑපලාවණ්‍යවලට විතරක් නෙවෙයි, අධ්‍යාපන වැඩ රුකියා ස්ථානයේ වැඩ වගේ ජීවිතේ හැම දේකටම අදාළයි හරිය. දැන්නම් ඉතින් සීන් එක පැහැදිලි වෙන්න ඕනෑ. ජීවිතේ එකපාරක් හරි මේ වගේ වීඩියෝ එකක් බලලා ඇති අනිවාර්යයෙන්. වැඩේ කියන්නේ ලෝකේ සමාජ මාධ්‍ය ජාල වෙනුවෙන් දැන් Life hacks වීඩියෝ හදන එක පිස්සුවක් වෙලා. අපේ පැංචෝ YouTube එකේ Life Hacks කියලා Search පාරක් දැම්මොත් වීඩියෝ මිලියන ගාණක් එනවා. ඒ වගේම ඒ Video වල Views දිහා පොඩ්ඩක් නතරවෙලා බැලුවොත් තවත් පුදුම හිතෙයි. මිලියන 200 ක් විතර දෙනා බලපු වීඩියෝ තියෙනවා.

Life Hacks Videos දිහා උනන්දුවෙන් බැලුවාම එක නමක් එක Logo එකක් කැපිලා පේනවා. ඒ තමා 5-Minute Craft* කියන නම. මේක තමා Life Hacks Video සම්බන්ධ අංක එකේ YouTube Chanel එක. ඒ වුණාට YouTube වල විතරක් නෙවෙයි හැම සමාජ මාධ්‍ය ජාලයකම මෙයාලා අාධිපත්‍යය පතුරනවා. විනාඩි පහක් වගේ කාලයක වීඩියෝ එකට ඇතුළේ Life Hacks ගොඩක් මෙයාලා එකතු කරනවා. ඒවා ඉතාම සරල සිත් ඇදගන්නාසුළු ඒවා මචෝ. ආයේ දෙකක් නෑ අපේ සුදාලා ගොඩක් දෙනෙක් &5-Minute Craft* වීඩියෝ අහම්බෙන් හරි බලලා ඇති.

5-Minute Craft* ගැන පොඩ්ඩක් කියන්නම ඕනි සහෝ. ලෝකෙ ප්‍රධාන YouTube Chanel 10 අතරේ මේ 5-Minute Craft තියෙනවා. Subscribe මිලියන 75 විතර කියලා කිව්වොත් සුදාලා විශ්වාස කරන එකක් නෑ. පටන් අරගෙන තියෙන්නේ 2017 දී. දැන් මෙයාලගේ ආදායම් කියවෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන බිලියන ගණන් වලින්. කොහොම වුණත් මෙයාලට තියෙනවා ලොකු චෝදනාවක්. ඒකට හේතුව මේ නාලිකාව අසාමාන්‍ය සහ අනතුරුදායක විය හැකි Life Hacks Videos  මුදා හැරීම. කොහොම වුණත් Life Hacks ව්‍යාපාරයක් බව තේරුම් ගන්න ඒ කතාවම ඇති.

මේ වෙද්දී Life Hacks Video පිස්සුවක් තියෙනවා කියලා අපි කිව්වානේ. ඒකට හේතුව තමා Video හරහා සිදුවෙන අන්තර්ජාල ඉපැයීම්. මේ වෙනකොට අතිශයින් අනතුරුදායක Life Hacks Video තියෙනවා YouTube එකේ. ඒ වගේ කිසි තේරුමක් නැති වීඩියොත් තියෙනවා ඕසේට. සරලව කිව්වොත් මචෝ ඒවානම් මෝඩයි ගොබ්බයි. අපිට පේන විදිහට Life Hacks කියන්නේ ඉස්සර ඔය වැඩ පහසු කරන උපකරණ විකුණන්න ගෙවල්වලට ආපූ අයගේ Pro සීන් එක මචෝ.
මේ වීඩියෝවලට නරඹන අපි ඇබ්බැහි වෙනවා මචෝ. ඒක තමා මාරම සීන්කෝන් එකක්. එක වීඩියෝ එකක් බලලා නතර කරන්න බැරි සීන් එකක් තියෙන්නේ. විශේෂයෙන්ම මේකට හේතුව මේ වීඩියෝ හරහා මානසික ආතතිය අඩුවීම කියලා සමහරු කියනවා. වැදගත්ම දේ තමයි මේ වීඩියෝ බලන අයගෙන සීයට අසූවකටත් වඩා එවා අනුගමනය කරන්නේ නැතිවීම. මේ බැලුවට Life සාමාන්‍යයි. එහෙනම් ඇයි මේවා මිනිස්සු බලන්නේ ඒක නම් ප්‍රශ්නයක් තමා මචෝ. ඒ සංගීතම වීඩියෝවලට අමතර සයිබර් ලෝකේ ජනප්‍රියම Life Hacks වීඩියෝ තමයි.

මේ Life Hacks Video වලට React කරන්න වීඩියෝ හැදිල්ලත් දැන් Trend එකක්. ඒවගේ මේවායෙහි තියෙන ගොන් වැඩ ගැන වැඩක් නැති ඒවා තියනවා. උපහාසාත්මක විවේනය වෙනවා. හැබැයි Life Hacks React Video වුණත් වැඩක් නැති ඒවා තියනවා. ඒ වගේම ඇත්තටම මේ Life Hacks ප්‍රායෝගික ද කියලත් සමහරු පරික්ෂා කරලා බලනවා. ඒ වගේ Video එහෙමත් සෑහෙන්න YouTube එකේ තියනවා. වීඩියෝවලට අමතර දැන් ලෝකේ වෙබ් ලියන්නන්ගේ ප්‍රධාන මාතෘකාවක් Life Hacks කියන්නේ. ඒකත් බොහොම ජයට නැගලා යනවා. ඊට අමතරව රූපවාහිනියෙත් Life Hacks වලට දැන් දැන් ඉඩ වෙන් වෙනවා.

කොහොම වුණත් ලෝකයට සාපේක්ෂව අපේ රටේ මේ ගැන තියෙන අවධානය ගොඩක් අඩුයි. ඒකට හේතුව අපේ Life Style එක. මේ වීඩියෝ ඇමරිකාවේ යුරෝපයේ Life Style එක මත තමා පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ සීන් එක තවම ටිකක් දුරයි. ඒත් ආයේ දෙකක් නෑ ලංකාවේත් ඉස්සරහට මේක නැගලා යනවා. දැනටමත් YouTube පැත්තේ අපේ අය පොඩියට වැඩ පටන් අරගෙන. ඉතින් මචෝ මේක හොඳ නරක දෙපැත්තම තියෙන වැඩක්. ඒ නිසා තෝරලා බේරලා Life Hacks පාවිච්චි කරන එක සුදාලගේ වැඩක්. එහෙනම් ජයවේවා...!