2023 මැයි 07 වන ඉරිදා

අමෙරිකාවේත් බැංකු හුටපට

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 100

අමෙරිකාවේද දැන් මූල්‍ය අස්ථාවර තත්ත්වයකට පත්ව තිබේ. අමෙරිකාවේ තවත් බැංකුවක් කඩා වැටීමට ලක් විය. ඒ අනුව මේ වසරේ මුල් කාර්තුව තුළ කඩාවැටුණු තුන්වැනි බැංකුව බවට එය පත්ව තිබේ.

සිලිකොන්වැලි බැංකුව මේ වසර මුල කඩා වැටීමට ලක්විය. ඉන්පසු නිව්යෝර්ක් සිග්නේචර් බැංකුව බිඳ වැටුණි. මාර්තුව අග වනවිට ගර්ස්ට් රිපබ්ලික් බැංකුවද කඩාවැටීමට ලක්ව තිබුණි. 

මූල්‍ය අස්ථාවර භාවය පිළිබඳ කලබල වූ ගනුදෙනුකරුවන් සිය තැන්පතු ඉවත් කර ගැනීමත් සමඟ මේ කඩාවැටීම සිදුව ඇත. මේ බැංකුව කඩා වැටීමෙන් වළක්වා ගැනීම සඳහා තවත් බැංකු 11ක් මගින් මූල්‍ය තැන්පතු ලබාදුන් අතර බැංකුව සිය වත්කම් අලෙවි කරමින් සහ සේවක කප්පාදුව මගින් වියදම් අවම කර ගන්නට කටයුතු කර තිබුණි. නමුත් පසුගිය සතියේ බැංකුව සතු වත්කම් පවරා ගැනීමට නියාමක සමාගම වන ජේ.පී. මෝර්ගන් කටයුතු කළේය. 

ඒ අනුව බැංකුව සතු තැන්පතු ඩොලර් බිලියන 103කට වැඩි ප්‍රමාණයක් හා බිලියන 229කට අධික වත්කම් මිලදී ගන්නට එම සමාගම ක්‍රියා කළේය. මේ බැංකු ඇදවැටීමට වගකිව යුතුව ඇත්තේ එරට මහ බැංකුව බව විචාරක මතයයි.

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00