මේ වනවිට ලෝකයේ රටවල් මෙන්ම කලාප කිහිපයකම උෂ්ණත්වය ජීවීන්ට දරාගත හැකි සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් තිබීමෙන් මිනිස් ජීවිත මෙන්ම වන සතුන්ගේද ජීවිතද අහිමි කරමින් සිටී. එමෙන්ම ලැව්ගිනි ඇතිවීම හේතුවෙන් ඉතා වටිනා පාරිසරික සම්පත් රැසක් ගිනි ගනිමින් තිබේ. එහි අර්ථය වන්නේ 2021 වසරේ ග්‍රීස්ම සෘතුව මෙතෙක් තිබූ ලෝක උෂ්ණත්ව වාර්තා බිඳදමා ඇති බවයි.
කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇත. මියගිය පිරිසෙන් වැඩිදෙනෙක් වයස්ගත වූවන්ය. ඉකුත් අඟහරුවාදා දිනයේදී කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය මෙතෙක් කාලයකට කැනඩාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි. මීට වසර 84කට පෙර එරටින් සෙල්සියස් අංශක 44.5 ක උෂ්ණත්වයක් වාර්තා වුවද කිසිදු දිනක එරට උෂ්ණත්වය සෙල්සියශ් අංශක 45 ඉක්මවා තිබී නැත.
මීට පෙර පැවති මට්ටම්වලට වඩා මෙම වසරේ ග්‍රීස්ම සෘතුව විශේෂයෙන්ම ඇමරිකාවේ බටහිර කොටසේ සිට බ්‍රිටිෂ් කොලොම්බියාව, කැනඩාව ආදී රටවල් වලට ඉතා බිහිසුණු ප්‍රතිවිපාක අත්කර දෙමින් සිටී. කලාපය පුරා මේ වනවිටත් ඉතා සීග්‍රයෙන් පැතිර යන අධික නියඟය හේතුවෙන් විශාල භූමි ප්‍රදේශ දැවීයෑම ආරම්භ වී ඇත. මේ බොහෝ රටවල උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 46 ඉක්මවමින් තිබීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය තර්ජනයට ලක් වී ඇත. මෙවැනි පසුබිමක් මත බොහෝ විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය ඇතුළත දේශගුණික අර්බුද විසින් ගිනිතබන ලද ව්‍යසනකාරී උණුසුම් වායු ධාරා සමස්ත ලෝකයටම විශාල බලපෑමක් සිදු කරනු ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ නියඟයන් පිළිබඳ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි සති කිහිපය තුළ පවතින තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි. ඔවුන්ට අනුව එරට ජනතාව මිලියන 58.4කට අධික සංඛ්‍යාවක් නියඟයෙන් පීඩාවට පත්වන ප්‍රදේ වල ජීවත් වෙයි. එමෙන්ම ඇමරිකාවේ ප්‍රාන්ත 12ක් පුරා අක්කර 661,400 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ලැව්ගිනි හේතුවෙන් විනාශ වෙමින් පවතී. උතුරු කැලිෆෝනියාවේ විශාලතම වනෝද්‍යානයක් වන Shasta-Trinity ජාතික වනෝද්‍යානයෙහි පැතිරුණ සීඝ්‍ර ලැව්ගින්න එක් රැයක් තුළ අක්කර 13000කට අධික භූමි ප්‍රමාණයක් දවා අළු කොට තිබේ. මෙසේ ඇති වන ලැව්ගිනිත් සහ සුළගේ වේයෙහි වැඩිවීමත් සමග උණුසුම් වායු ධාරා ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් පැවතීමත් සමග උෂ්ණත්වයේ බලපෑම තව තවත් ඉහළ යනු ඇත.
කොවිඩ් 19 ගෝලීය වසංගතයත් සමග මනුෂ්‍ය සංහතියට සිදුවන අනෙකුත් පාරිසරික, සාමාජීය බලපෑම් සියල්ලක්ම මෙන්ම මනුෂ්‍ය සංහතිය විසින් පරිසරයට සේම මුළුමහත් පෘථිවියට සිදු කරමින් සිටින බලපෑම අමතක කොට දමා ඇත. එහෙත් ඒ සියල්ල මේ මොහොත වනවිටත් සිදු වෙමින් පවතී. දේශ ගුණික විපර්යාස යනු එහි ඉදිරියේම සිටින පෘථවිය මිනිසාට මිනිසා විසින් නැතිකර ගැනීමේ ඵල විපාකවල ඉදිරියේම සිටින්නාය.