2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

ධවල මන්දිරයේ 46 වැනියාගේ කැරට්ටුව

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 376

ධවල මන්දිරය ඊළඟ වසර 4ක කාලයට සින්නවිය යුතු යැයි අමෙරිකානුවන්ගේ  රටේ ජනප්‍රිය තේරීම වූයේ ජෝශප් රොබිනේට් බයිඩන්ය. මීට පෙර 47 වැනි උප ජනාධිපතිවරයා ලෙස ඔබාමා පාලනය තුළද කටයුතු කළ පරිණත දේශපාලනඥයකු වන අතර 1988 ඔබාමාගෙන් පසු අමෙරිකාවේ වැඩිම ජනප්‍රිය ඡන්ද ලැබූ ජනාධිපති අපේක්ෂකයාය. වසර 28කට පසු බලයේ සිටින ජනාධිපතිවරයෙකු ගෙදර යවා ධවල මන්දිරය උදුරාගත් වයස්ගතම තැනැත්තාය. මේ වනවිට ඔහුට 77කි. ඔහු දුක දිනා ජීවිතය ජයගත් තැනැත්තෙකි.

ජෝසෆ් රොබිනෙට් බයිඩන් හෙවත් ජෝ බයිඩන්, පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙහි උපත ලබා ඇත්තේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය පෙරට යමින් පවතින අතරවාරයේ 1942 වසරේදීය. අයිරිෂ්-අමෙරිකානු සම්භවයක් සහිත කතෝලික පවුලක දරුවන් හතර දෙනාගෙන් ඔහු වැඩිමලා විය. කවුරුත් ජෝ, යන කෙටි නමින් ආමන්ත්‍රණය කිරීමට පුරුදු වූ සිත් බඳනාසුළු එම දරුවා ළමාවියේ පටන්ම මුහුණ දුන් ගැටලුව වූයේ කතාබහ ගොත ගැසීමකින්  යුක්ත වීමය. පාසලේදී පවා මුහුණදීමට සිදුවූ එම අභියෝගය ජයගැනීමට ජෝ යත්න දැරුවේ කන්නාඩියක් ඉදිරියට පවා ගොස් කතාබහ ප්‍රගුණ කර ගැනීමෙනි.

අනතුරුව යොවුන් ජෝ ඩෙලවෙයාර් සරසවියට ඇතුළු විය. ඉන් අනතුරුව ඔහුගේ අධ්‍යාපන ආයතනය වූයේ ‘Syracuse’ සරසවියේ නීති පීඨයයි. නීති අධ්‍යාපනය නිමකළ ජෝ නීලියා (පළමු බිරිඳ) සමඟ විවාහවීමත් සමඟ විල්මින්ටන් නගරයෙන් සිය දේශපාලන ගමන සඳහා අත්පොත් තැබීය.

1972 වසරේ ඔහු ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් අමෙරිකා  ඉතිහාසයේ 5 වැනි ළාබාලතම සෙනෙට් සභිකයා බවට පත් විය. ඒ ඩෙලවෙයා ජනපදය නියෝජනය කරමිනි. නමුත් අවාසනාව ඔහු සොයා ආවේය. ඔහුගේ බිරිඳ නීලියා බයිඩන් සහ එකම දියණිය පුතුන් දෙදෙනා ඒ වසරේ නත්තල් සාප්පු සවාරිය සඳහා ගොස් සිටියදී අනරතුකට මුහුණ පෑවේය. නීලියා සහ අවුරුද්දයි මාසයක් වයසැති සිඟිති දියණිය නයෝමි ක්‍රිස්ටිනා බයිඩන් එතැනම මරු වැළඳගත්තේය. පුංචි පුතා බරපතළ ලෙස තුවාල ලැබුවේය. ජෝ බයිඩන් සෙනේට් සභිකයකු ලෙස දිව්රුම්දීම පවා සිදුකරනු ලැබුවේ සිය පුතු ‘Beau’ ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ කාමරය තුළය.

පුතුන් දෙදෙනාගෙන් අන්තිමේදී ඔහු අනතුරින් දිවි රැකුණ සිය පුතුට සාමාන්‍ය ජීවිතයක් ලබාදීමට කැප වූ ජෝ දිනපතාම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ (Delaware) පිහිටි පවුලේ නිවසේ සිට වොෂිංටනය බලා ගමන් ගත්තේය. ඒ ගමන අතරතුර පුතුන්ට කීමට කතන්දර පාඩම් කළේය. පසුව ජෝ යළි විවාහ විය. මෙවර ඔහුගේ මනමාලිය වුණේ ජිල් ජෙකොබ් නම් කාන්තාවකි. ඔවුන් දෙදෙනාට දාව ලද දරුවාට ඈෂ්ලි යනුවෙන් නම් තබනු ලැබුණි. ඇය ජෝගෙ කතාව ලියා පළ කළාය.

ජෝ අනතුරුව සෙනේට් සභාවේ අධිකරණ කමිටුවට අනුයුක්ත කරනු ලැබුණි. 1987 වසරේ ජෝ ජාතික මට්ටමේ චරිතයක් බවට පත්වීමේ පළමු පියවර තබන ලද්දේ එම වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වෙමිනි. එහෙත් පසුව, ඔහු විසින්ම සිය නම තරඟයෙන් ඉවත්කර ගනු ලැබුණි.

ජෝ බයිඩන් 2008 වසරේදීද ජනාධිපතිධුරය සඳහා උත්සාහයක් දරන ලද නමුත් ඔබාමාට ඉඩදී ඉන් ඉවත්ව ගියේය. සාර්ථකත්වයක් ලැබීමට තරම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් නොවුවද, එම වසර අගදී ඔහු යළි කරළියට පැමිණියේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛත්වයක් හිමි වූ තනතුරක් පැවරුණු හෙයිනි. 2008 අගෝස්තු 23 වෙනිදා බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දෙනු ලැබුවේ ජෝ බයිඩන්ය. එය ජයග්‍රහණය වෙත යන ගමනක් වූ අතර පසුව දෙදෙනා වාර දෙකක්ම සේවය කළේ ඔවුන් අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනගමිනි. එය කෙසේදයත්, බයිඩන් විසින් නිතරම ඔබාමා අමතනු ලැබුවේ සහෝදරයා යනුවෙනි.

සිය ධුර කාලය ඉකුත්ව යන්නට ආසන්නයේ හදිසි උත්සවයක් කැඳවූ ජනාධිපති ඔබාමා, රටේ පුරවැසියකුට පිරිනැමුණු ලබන ඉහළම සම්මානය වන නිදහස පිළිබඳ ජනාධිපති සම්මානය බයිඩන් හට පිරිනමනු ලැබීය.
ජෝ බයිඩන් හඳුනාගැනීම යනු රුවටිල්ලකින් තොර ආදරය දයාව හඳුනාගැනීමයි, පෞද්ගලික අභිමතාර්ථයෙන් තොර සේවය වගේම ජීවිතය පරිපූර්ණව ගෙවීම  හඳුනාගැනීමයි යනුවෙන්  ඔබාමා එදා එහිදී කියා තිබුණි. මෙවර ධවල මන්දිරයට යැවිය යුතු 46 වැනියා තෝරාගන්නට රටේ ජනතාවට ඊටත් එහා වෙනත් නිර්දේශ අවශ්‍ය වුයේ නැත.

 

සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05