2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

ජෛව විශේෂ ලක්ෂ 10ක් වඳවී යයි!

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

අන්තර් රාජ්‍ය විද්‍යාඥයන්ගේ මණ්ඩලයක් කියන ආකාරයට මේ වන විට සත්ත්ව හා ශාක විශේෂ ලක්ෂ 10ක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. පසුගිය කාලයේ කරන ලද සමීක්ෂණවලින් පෙනී යන්නේ භූමියෙන් 75ක් සහ සාගරවලින් 66ක් මිනිස් ක්‍රියාකාරකම් මගින් පිරිහී ඇති බවය. මේ අනුව එම විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ අප හයවැනි මහා වඳවීමේ තර්ජනය හමුවට අවතීර්ණ වී සිටින බවටය.

පසුගිය දශක කිහිපය තුළ ක්ෂීරපායීන් වඳ වී යාමේ වගකීම අප විසින් මුළුමනින්ම බාරගත යුතු බව එම විද්‍යාඥයන්ගේ අදහසය. මේ යන අන්දමට කටයුතු කළහොත් මෙම සියවස තුළ තවත් ක්ෂීරපායී විශේෂ 550ක් අහිමි වනු ඇතැයි අනාවැකි පළ වී ඇත.
මෑත කාලීන වාර්තා සහ අධ්‍යයන මගින් සොබාදහමේ තත්ත්වය පිළිබඳව තැතිගන්වන සුළු බොහෝ ප්‍රවෘත්ති ඉදිරිපත්ව ඇති අතර, මානව ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමකට ජෛව විවිධත්වය නැතිවීම, සොබාදහම නැතිවීම, වාර්තා වී තිබෙන බව  ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ විධායක ලේකම් එලිසබෙත් ම්‍රේමා පෙන්වා දෙයි.

පසුගිය දශක කිහිපයක සිට මානව අවශ්‍යතා සඳහා වැඩි වශයෙන් බිලි වන්නේ නොඉඳුල් වනාන්තරය. මේ අන්දමට මිනිසුන් විසින් අසීමිත ලෙස සතුන් දඩයම් කිරීම, අධික ලෙස මසුන් ඇල්ලීම, වනාන්තර සහ තෘණ බිම් කැපීම මගින් සිදුවන්නේ ඒවායේ ජීවත්වන වෙනත් ජීව විශේෂයන් වඳ වී යාමට මඟපෑදීමය.

මේ මහා විනාශය වළක්වාගැනීම සඳහා පැරිස් දේශගුණික ගිවිසුම මගින්ද දේශගුණික විපර්යාස සඳහා වන ජෛව විවිධත්වය සඳහා වන ගිවිසුමකට එක්වන ලෙස ලොව  රටවල්වලින් ඉල්ලා සිටීයේය. වනජීවය හා දේශගුණය කේන්ද්‍රගත කරගත් කරුණු දහයක සැලැස්මක් මගින් 2030 වන විට ලෝකයේ 30ක් ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාවකට අත්සන් තබන ලෙසද පසුගියදා ලෝක නායකයන්ගෙන් නැවත ඉල්ලීමක් කර තිබේ

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05