ලොව විශාලතම කොරල්පරය වන මහාබාධක කොරල්පරයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බව අධ්‍යයනයකින් හෙළි වෙයි. ඒ විනාශය සිදුව ඇත්තේ 1995 වර්ෂයේ සිට 2017 දක්වා කාලය තුළදීය. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ වයඹ වෙරළ තීරය ඔස්සේ පැතිර ඇති මහාබාධක කොරල්පරය කිලෝමීටර් 2600ක් (සැතපුම් 1600ක්) දිගට පැතිර ඇත. මෙය 1981 වර්ෂයේ සිට ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
කුඩා දූපත් 900ක් සහ තනි තනි කොරල්පර 2900කින් යුතු එහි ඇති සියලුම වර්ගයේ කොරල් මේ වන විට ක්ෂය වෙමින් ඇති බව විද්‍යාඥයෝ පවසති. වසර 5 ක් තුළ මෙහි සිදුවූ තුන්වැනි විශාලතම දුර්වර්ණ වීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් වාර්තා කළේ පසුගිය මාර්තු මාසයේදීය. එහිදී සිදු වූ හානියේ සම්පූර්ණ ප්‍රමාණය සම්බන්ධයෙන් තවමත් තක්සේරු කරමින් සිටින බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
මෙම ලෝක උරුමය රුකගැනීමට හරිතාගාර වායු පිටකිරීම අවම කළ යුතු බවත් ඒ සඳහා ලෝකයට ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් බවත් පර් යේෂකයෝ පෙන්වා දෙති. ගෝලීය උෂ්ණත්වය කාර්මීකරණයට පෙර යුගයේ පැවති තත්ත්වයට වඩා සෙල්සියස් අංශක එකකින් වැඩි වී ඇති බව වාර්තා වේ. එම අගය සෙල්සියස් අංශක 1.5 දක්වා වැඩි වුවහොත් ලොව සමස්ත කොරල්පරවලින් 90ක් විනාශ වී යනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අනතුරු අඟවා ඇත.