කොවිඩ් 19ට හේතුවන වෛරසය වාතයේ රැඳෙන කුඩා අංශු මගින් ද පැතිරෙන බව පිළිගැනීමට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුව තිබේ. තදබදය ඇති තැන්වල, වැසුණු හෝ යහපත් වාතාශ්‍රයක් නොමැති තැන්වල වාතය මගින් එම වෛරසය සම්ප්‍රේෂණය වීමට ඇති වැඩි ඉඩ ගැන ඇති සැකය බැහැර කළ නොහැකි බව එම සංවිධානය දැන් පිළිගැනීමට සූදානම්ය.
විද්‍යාඥයන් 200ට වැඩි පිරිසක් කොවිඩ් 19 සාදන වෛරසය වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කලින් දැනුවත් කර තිබුණි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අනතුරු ඇඟවීම මුලින්ම තදින් ගණන් ගත්තේ නැත. සිය පර්යේෂණ වාර්තා අවතක්සේරැ කරනු ලැබ ඇති බවට, එම විද්‍යාඥයන් පිරිස ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කළ විවෘත ලිපියකින් චෝදනා නගා තිබුණේ ඉන් පසුවය. ඔවුන් මහජනතාව හමුවට ගොස් මෙම කරැණ ලෝකයට එළිදරව් කරන්නට තීන්දු කළේ ඉන් පසුවය. මේ බලපෑම නිසාම දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය වාතයේ රැඳෙන කුඩා අංශු මගින් කොවිඩ් 19ට හේතුවන වෛරසය පැතිරෙන බව පිළිගන්නා තැනට පත්ව හමාරය.
සාමාන්‍යයෙන් කැස්ස, කිවිසුම් ආදියේදී පිටවෙන සෙම් සොටු බිඳිති මයික්‍රෝමීටර 5ත් 10ත් අතර විශාලය. මේවා අඩි 3ත් 6ත් අතර දුරකට පැතිර යයි. නමුත් විද්‍යාඥයන් මේ අනතුරැ අඟවන්නේ මයික්‍රෝමීටර 5ට අඩු කුඩාම බිඳිති ගැනය. ඒවා අඩි 6කටත් වඩා එපිටට පාවී යයි. මේවා පිටවෙන්නේ කෙනෙක් කතා කන විට, සිනාසෙන විට, හුස්ම ගන්නා විට ආදී සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේදීය. මේවා වාතයේ යහපත් පරිසර තත්ත්වය යටතේ පැය 3ක පමණ කාලයක් රුඳී තිබේ. වාතයේ ඇති ධූලි අංශු ආදියේ රැඳෙන මේ කුඩා බිඳිති එක ස්ථානයකට ගොනුවීමෙන් ද, ඉඩ ඇහිරුණු වසා ඇති, තදබද නිසි වාතාශ්‍රයක් නැති තැන්වලදී ද වාතයේ රැඳී සිටිමින් රෝගය ශීඝ්‍රව පතුරැවන බව විද්‍යාඥයන් පෙන්වා දෙන කාරණාවයි.
මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය කීවේ පුද්ගලයන්ගේ කැස්සෙන් හෝ කිවිසුම් මගින් නිකුත් වන බිඳිති ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වන බවකි. ඔවුන් මේ විද්‍යාඥයන්ගේ අදහස් මුලින් පිළිගත්තේ නැත. එය එසේ පිළිගත්තා නම් එවිට මේ වෛරසය හේතුවෙන් කෙළින්ම සෞඛ්‍ය සත්කාරක අංශවල සේවකයන් ආසාදනයට ලක්වීමේ දැඩි අවදානමක් ඇති බව ඔවුන්ට පිළිගැනීමට සිදුවෙන බව විද්‍යාඥයන් 200කට වැඩි පිරිසගේ ලිපියට අත්සන් තැබූ, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ රසායනඥයෙක් වන හොසේ ජිමෙනෙස් පෙන්වා දෙයි. එය එලෙස පිළිගත් විට සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව ගැන නැති ගැටලු පැන නගී. නිදසුනක් ලෙස වාතයේ ඉතා කුඩා අංශු ඔස්සේ කොවිඩ් 19 සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නම් එවිට සෞඛ්‍ය සත්කාර සේවකයන් හැකි හොඳම ආරක්ෂක උපකරණ පැළඳිය යුතුව තිබේ.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි නොකරන ඇත්ත නම් මෙවැනි විශේෂඥතාවකින් යුතු මුහුණු ආවරණ අවශ්‍ය තරම් ප්‍රමාණයක් ලෝකයේ බොහෝ තැන්වලට නොමැති බවයි. එම අවශ්‍යතාව සපුරාලීමට වඩා වෛරසයේ අවදානම් ගැන නොසිතා සිටිම පහසුවකි.
තවත් අත්සන්කරුවකු වන හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බෙන්ජමින් කොව්ලුං මෙම සොයාගැනීමේ "වැදගත් සම්බන්ධයක්" ඇති බව කියයි.
“ප්‍රජාව අතරේ, මෙවැනි සම්ප්‍රේෂණයකින් ඇතිවිය හැකි විශේෂ අවදානම ගැන අප කල්පනා කරන්නේ නම්, ඉදිරියේදී අති විශාල පැතිරීමක් වළක්වාගන්නේ කෙසේදැයි අප කල්පනා කරන්නට අවශ්‍යයි. හොඳ වාතාශ්‍රය නැති ගෘහස්ත පරිසරවල, ජනයාගේ තදබදය ඇති හා දිගුකාලීන සමීප සබඳතා ඇති කාර්යාල වැනි ස්ථානවල එවැනි දෙයක් සිදුවෙන්න පුළුවන්,” ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.
එසේම "තදබදයෙන් යුතු, වැසුණු, හොඳ වාතාශ්‍රයක් නැති තැන්වලදී වාතය මගින් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් මතුවන සාක්ෂිවලින් කියවෙන මෙම අවදානම බැහැර කරන්නට බැහැ." යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසාදන වැළැක්වීම හා පාලනය සඳහා වූ තාක්ෂණික ප්‍රධානී බෙනඩෙටා අලෙග්‍රන්සි ද සඳහන් කර ඇත.
රටවල් 32ක විද්‍යාඥයන් 239 දෙනෙකුගේ මෙම අනතුරැ ඇඟවීම ඇතුළත් ලිපිය ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වාතයේ සැරිසරන කුඩාම ජල බිඳිති හරහා ද මෙම වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය විය හැකි බව එම විද්‍යාඥයන් පෙන්වා දී ඇතැයි පිළිගෙන ඇති නමුදු දැනට වාර්තා කර තිබෙන පර්යේෂණ ප්‍රතිඵල අවසන් නිගමන නොවන හෙයින් තවදුරටත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බව අවධාරණය කර ඇත. අවදානම ගැන නිරන්තරයෙන් සැලකිල්ලෙන් පසුවිය යුතු බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීම සඳහා පූර්ව ආරක්‍ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කළ යුතු බවයි.
► සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි