2023 ජනවාරි 08 වන ඉරිදා

උන්නැහේට මල පැනලා

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 632

කළු-තර දිසාවෙ දුරකතන පාටියෙන් පසුගිය වර මහ ඡන්දෙට තරග කරල ටිකට් කැපිලා දියවන්නා කවුන්සිලෙන් දොට්ට වැටුණ කළු කෝට් අඳින මහත්තයෙක් ඉන්නව... උන්නැහේට මාර අකරතැබ්බයක් වෙලා කියලා ආරංචියි.

මොකද එයා පක්ෂයෙ ලොකු ලොක්කන්ට දෙන දුරකතන ඇමතුම්වලට ලොකු ලොක්කො කවුරැවත් උත්තර දෙන්නෙ නැතිලු. ඒක නිසා මේ කළුතර ලොක්ක අප්සෙට් එකේලු ඉන්නෙ. හැබැයි මෙයා දෙන ඇමතුම්වලට පක්ෂයෙ ලොක්කො උත්තර නොදෙන්නෙ එක්තරා හේතුවක් නිසාලු.

ඒක ගැන හාර අවුස්සනකොට දැනගන්න ලැබුණෙ මෙන්න මෙහෙම කතාවක්. එයා ඉදිරි ඡන්දයටත් තරග කරන්න යන නිසා දිස්ත්‍රික්කෙ අනිත් ආසනවලට එයා කියන අපේක්ෂකයො දාන්න කියන එකයි උන්නැහේගෙ ඉල්ලීම.

ඒත් එයා කියන උදවියට ඒ තනතුරැ දෙන්න පක්ෂයෙ ලොක්කො මනාප නැතිලු. මොකද අදක්ෂ උදවියට සංවිධායකකම් දීම පලක් නැති නිසා. ඒ හින්ද සිද්ධ වෙන්නෙ එයා එපාම කියන දක්ෂ උදවියට ඒ ඒ ආසන සංවිධායකකම් දීමලු... ඉතින් ඒකට හොඳටම අප්සෙට් වෙච්ච මේ හිටපු මන්ත්‍රී සයිස් මහත්තය දැන් කෝපයෙන් පුපුර පුපුර ඉන්න බවයි ආරංචි.

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00