2024 ජුලි 06 වන සෙනසුරාදා

අහවල් තියරිය

 2024 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 822

අපිත් ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන්නෙ අහවලා අපට උගන්නපු අහවල් තියරිය අනුවය කියල පොහොට්ටුවෙ ලොකු ලොක්කො කිහිප දෙනෙක් දැන් කියන්න පටන් අරන්ලු.
මේගොල්ලො පොහොට්ටුවෙ අයිතිකාරයො වගේ පෙනී සිටින, බොක්කෙන්ම මහින්ද උන්නැහේල එක්ක ඉන්න කස්ටියක්ලු.

ඉතින් මේ අය නිතර නිතර කියන අහවල් තියරිය මොකද්ද කියල පොහොට්ටුවෙම පහළ ඉන්න පිරිසක් සොයන්න බලන්න පටන් ගත්ත. ඒත් ඔය කියන තියරිය එයාලට දැනගන්න ලැබිල නැහැ. අන්තිමේදි මේක කොහොම හරි දැනගන්න ඕනෑ වෙච්ච කෙනෙක් පොහොට්ටුවෙ ඉහළම කෙනකුට සුහදව කතා කරල මොකද්ද සර් අර තියරිය කියල ඇහුවලු.

අන්තිමේදි මෙයාගෙ වදෙන් බේරෙන්න බැරි තැන පොහොට්ටු ලොක්ක කිව්ව "අයිසෙ දන්නෙ නැද්ද සිරාගෙ ආප්ප තියරිය..." කියල හයියෙන් හිනාවෙලා කිව්වලු. ඊට පස්සෙ ඒ ගැන තවදුරටත් විස්තර කරල උන්නැහේ කිව්වලු 'කෑව, පොරොන්දු වුණා, ගිහිල්ල පැන්න' කියල.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00