2022 ජුලි 31 වන ඉරිදා

ආණ්ඩුකාර පට්ටම්වලට ඉව අල්ලයි

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 515

ආණ්ඩුකාර පට්ටම් ගණනාවක් පුරප්පාඩු වෙනවය කියන ආරංචිය ආවම ඒවා ගන්න ආණ්ඩුවෙ ඉහළ තැන්වලට ඇමදාන ලොකු පිරිසක් ඉන්නවලු...

අපට ආරංචි විදියට පුරප්පාඩු වෙන්නෙ ආණ්ඩුකාර පට්ටම් තුනලු... එයින් දෙන්නෙක්ම හිටපු කාකි සූට් ධාරීන් කියලයි කියැවෙන්නෙ. අනිත් පට්ටම දැන් දරන්නෙ නමින් යහපත් කෙනෙක්ලු. නමුත් එයාට ඒ පළාතෙ ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂෙ මැති ඇමැති ගොල්ලන්ගෙන් ලොකු විරෝධයක් තියෙනවා කියලයි ආරංචි. ඒ හින්දම එයාව වහාම මාරු කරන්න කියල පළාතෙ මැති ඇමැති කස්ටිය ආණ්ඩුවෙන් ඉල්ලලලු.

කොහොමින් කොහොම හරි එන්නෙ පුරප්පාඩු තුනයි. ඉල්ලුම්කරුවො පහළොවකට වැඩියි... හැබැයි ඒ සේරොම අලි පාටියෙ. හිටපු මැති ඇමැති කස්ටිය කියලයි ආරංචි.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00