2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

තීන්දුවක් ගන්නවාලු‍!

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 347

විපක්ෂයේ එක්තරා මහ පක්ෂයක ලොක්කන් පිරිසක් පහුගිය දවසක තමන්ගේ පක්ෂයේ ලොකු තැන හම්බවුණාලු‍. හම්බවෙලා කිව්වලු‍ “සර් මේ පක්ෂය අපි අමාරුවෙන් හැදුවේ... ඒත් දැන් මේ පක්ෂය පාලනය කරන්නේ ඔබතුමාටත් වඩා වඩා පිට අයයි. ඒ නිසා මේක නැවැත්තුවොත් හොඳයි.”‍

ඊට පස්සේ ලොකු තැන ඇහුවා “එහෙම දෙයක් නෑ... කවුද පාලනය කරන්නේ පිට ඉඳන්”‍ කියලා. නායකතුමා එහෙම කිව්වම පක්ෂයේ ඉහළම තනතුරක් දරණ කෙනෙක් කිව්වා “සර් මම පක්ෂයේ ඉහළම අහවල් තනතුර දරනවා. ඒත් සමහර රැස්වීම්වලදී මට දාලා තියෙන කතාව පිට කෙනෙක් ඇවිල්ල කපල දානවා. එයාට කොහොමද එච්චර බලයක් හම්බවු⁣ණේ...”‍ ඒත් එහෙම දෙයක් මම දන්නෑ කියල ලොකු මහත්තයා නැවත ඊට උත්තර දෙමින් කිව්වා.

ඊට පස්සේ පක්ෂයේ ලොක්කෝ දෙන්නෙක් තුන්දෙනෙක් “අපි මේ ඡන්දෙ ඉවර වුණාම ලබන හය වැනිදාට පස්සේ මේ ගැන කතා කරමු... හැබැයි සර් මේකේ වෙනසක් නොවුණොත් අපිට ඉස්සරහට තීන්දුවක් ගන්න වෙන බවත් කියන්න ඕනෙ” කියලා කතාව නැවැත්තුවලු‍.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00