2020 මැයි 16 වන සෙනසුරාදා

සල්ලි අල්ලලා මුහුණ අතගෑවොත් ලෙඩේ

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

කෝවිඩ් 19 වසංගතය පැතිර යා හැකි විවිධ ක්‍රමයන් පිළිබඳ සංවාදය වෛරසය පැතිරීම ආරම්භ වූ මොහොතේ පටන්ම පැවැතියේය. මුදල් නෝට්ටු කාසි ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් කෝවිඩ් පැතිර යා හැකිද යන්න පිළිබඳ ආරම්භයේ පටන් වූ සැකයකි. පසුව ලෝක සංවිධනයේ ප්‍රකාශකයකු The Telegraph වෙත මෙවන් ප්‍රකාශයක් කර තිබුණි.

“මුදල් නෝට්ටු යනු නිරන්තරයෙන් අතින් අත හුවමාරු වන දෙයක්. එය සෑම වර්ගයකම බැක්ටීරියා හා වෛරසවලට නිරාවණය වෙනවා. මුදල් නෝට්ටු ස්පර්ශ කිරීමෙන් පසු තම මුහුණ ඇල්ලීමෙන් වළකින ලෙස අප ජනතාවට කියනවා.
මේ අනුව මුදල් නෝට්ටු කාසි භාවිතයේදී ප්‍රවේශම් වීමේ අවශ්‍යතාව පිළිබඳ ලොවපුරා මාධ්‍ය කතා කරන්නට විය. මේ සම්බන්ධ අසත්‍ය ප්‍රචාරයන්ද ලොවපුරා පැතිර ගියේය. ඉතාලියේ මුදල් නෝට්ටු පාරට විසිකර ඇති බව කියවෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන්නට විය. කෙසේ වෙතත් එය අසත්‍යයක් බව පසුව අනාවරණය විය. එම ජායාරෑපයේ අන්තර්ගත වූයේ 2019 වසරේදී වෙනිසියුලානුවන් පැරුණි මුදල් නෝට්ටු පාරට විසිකර තිබූ දර්ශනයකි.

එසේ නමුත් වර්තමානයේදී ගෝලීය වසංගත තුළ කොරෝනා වෛරසය මුදල් නෝට්ටු ස්පර්ශ කිරීම මගින් පැතිරී යාමේ හැකියාවක් ඇති බව වූ ප්‍රකාශ සත්‍යක් විය. මාර්තු මාසයේදීම ශ්‍රී ලංකා මහ බැංකුවද මේ සම්බන්ධව අවධානය යොමුකර තිබුණි. ඒ අනුව බැංකු පරිශ්‍රයේ පැවති “2020-ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වර්තමාන ගෝලීය පසුබිම තුළ මුදල් නෝට්ටු ඔස්සේ වෛරසය පැතිරී යාමේ හැකියාවක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන තිබෙනවා. මෙහිදී ඩිජිටල් ගනුදෙනු ක්‍රම භාවිත කිරීම මගින් මුදල් නෝට්ටු භාවිතය අවම කළ හැකියි.

ගෝලීය තත්ත්වය සැකසීමේදී ඇතැම් රටවල ඒ.ටී.එම් යන්ත්‍ර භාවිතයේදී ටූත් පික් වැනි ද්‍රව්‍ය භාවිත කරනු දක්නට ලැබුණි. මේ අතර දකුණු කොරියානු මහ බැංකුව පැවසූයේ දේශීය බැංකුවලින් තමන් වෙත ලැබෙන සියලුම මුදල් නෝට්ටු, දින 14ක කාලයක් නිරෝධායනය සඳහා රඳවා තබාගනු ලබන බවයි. ආරම්භයේදී මුදල් රත් කිරීම සේදීම වැනි අනුවණ ක්‍රියාද ලෝකයේ ඇතැම් තැනින් වාර්තා විය.

වසංගතයේ තත්ත්වය කෙසේ වුවද මෙරට තුළ දෛනික මුදල් සංසරණය සිදුවන බව පැහැදිලිව පෙනීයයි. අදිරි නීතිය ඉවත් කළ විට වෙළඳ කඩසාප්පු තුළත් ඇඳිරි නීතිය පවතින කාලය තුළ මාර්ගයේ ගමන් ගන්නා වෙළඳුන් හරහාත් මෙලෙස මුදල් සංසරණය සිදුවේ. මෙම මුදල් සංසරණයට වැට බැඳීම ප්‍රායෝගික නැත. එම නිසාම මුදල් භාවිතයේ දී ප්‍රවේසම් විය යුතු ආකරය සොයා බැලුවෙමු.

මෙම තොරතුරු විමසීම සඳහා යොදාගත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ස්ථාපිත කර ඇති 1999 සුවසැරිය තොරතුරු කවුළුවයි. මෙම සේවාව හරහා වෛද්‍යවරයක් සම්බන්ධ කරගනී. අවශ්‍ය තොරතුරු විමසීමට ඔබටද හැකිය. අප ඇමතුමට සම්බන්ධව වූ වෛද්‍යවරියකගෙන් අපි මෙසේ විමසුවෙමු.

මුදල් නෝට්ටු කාසි ඒටීම් යන්ත්‍ර මගින් කෝවිඩ් 19 ආසාදන වීමේ අවදානමක් තිබෙනවාද?
මෙතැනදී අවදානම මතුවන්නේ ආසාදිතයෙක් පරිහරණය කරපු මුදල් නෝට්ටු කාසි හෝ ඒටීම් යන්ත්‍රයක් අපද අතපත ගා නැවත අපගේ මුහුණ කට නාසය ඇල්ලූ විට. එවන් අවස්ථාවක අපට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතිනවා.

මුදල් නෝට්ටු කාසි ඒටීම් යන්ත්‍ර වගේ දේවල් මතු පිටට වෛරස එකතු වෙන්නේ කොහොමද?
රෝගියකුගේ කැස්ස කිවිසුම් මගින් හෝ වෛරසය තැවරුණු දෑත් මගින් මෙවන් මතුපිටවල වෛරසය රුඳෙන්න පුළුවන්.

මේ අවදානමෙන් මිදෙන්න මොකද කරන්න පුළුවන්?
කට නාසය ඇල්ලුවොත් තමයි වෛරසය අපිට ආසාදනය වෙන්නේ. ඒ නිසා තමයි දෑත් සේදීම අනිවාර්යයි කියන්නේ. මුදල් ඇල්ලුවම ඒටීම් භාවිතා කරාම අපි දෑත් සෝදන්න ඕනෑ අනිවාර්යයෙන්ම. නැතිනම් ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශක දියරකින් දෑත් පිරිසිදු කරගන්න ඕනෑ. මීට අමතර ඒටීම් යන්ත්‍ර විෂබීජ හරණය විෂබීජ නාශක දියරවලින් පිරිසිදු කිරීම වගේ දේවලුත් වැදගත්.

දැනට මුදලක් මගින් ඒටීම් මගින් වෛරසය ආසාදනය වුණු රෝගීන් ඉන්නවාද?
දැනට නම් අපිට එහෙම වාර්තාවෙලා නෑ. සමාජය තුළ වෛරස පැතිරෙන මොහොතක දී එහෙම වෙන්න පුළුවන්. දැනට අපිට හමුවන රෝගීන් මූලාශ්‍ර සහිතව තම වාර්තා වෙන්නේ. කොහොම වුණත් මුදල් අල්ලන හැම කෙනෙක්ම දෑත් සේදීමට අනිවාර්යයෙන් හුරුවීම මේ අවස්ථාවේ වැදගත්.

මේ අනුව බලනවිට වර්තමාන තත්වය හමුවේ මුදල් ගනුදෙනුවලදී ප්‍රවේසම් සහතවීම අතිශය වැදගත් වේ. මුදල් භාවිතය අවම කිරීම අපසු බැවින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට සෑම අයක් හුරුවීම වැදගත්ය. ඇඳිරිනීතිය ඉවත්වීම සමඟ වෙළඳපොළ ගනුදෙනුවලදී මේ උපදෙස් සිහි තබාගන්නා ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. එසේම පොදු ප්‍රවාහන සේවයේ මුදල් ගනුදෙනුද ප්‍රවේසම් සහතව සිදුකිරීම වැදගත්ය. මන්ද සමාජය තුළ වෛරසය පැතිරයන්නට පටන් ගතහොත් මුදල් භාවිතය ප්‍රධානම මාධ්‍යයක් වීමේ අවදානමක් පෙනී යයි.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03