වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැඳීසිටි දිඹුලාගල සහ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක්, පාසල් සිසුන් 04ක් ඇතුළු 28 දෙනෙකු ඉකුත් (08) දින පස්වරැවේ අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරැ ටී.කේ.එච්.කේ. පතිරණ මහතා කියයි.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ උතුරු කොටස වියළි කාලගුණ තත්ත්වයක් පවතින ප්රදේශයකි. මහවැලි ගඟ ගලා බසින්නේද මෙම උද්‍යානය ආසන්නයෙන්ම නිසා වන සතුන් නිතර නිතර දක්නට ලැබේ. මෙම උද්‍යානයේ වනජීවී නිලධාරීන් පවසා සිටින්නේ පෙර රජ දවසේ දැනට උද්‍යානයට අයත් ප්‍රදේශවල බෞද්ධ ආගමික වෙහෙර විහාස්ථානවල නටඹුන් දක්නට ලැබෙන බවයි ඓතිහාසික වටිනාකමක් ඇති මෙම උද්‍යානයේ ඇති ස්ථාන කෙරෙහි විවිධ පුද්ගලයන්ගේ වනජිවි නිලධාරීන් ඇස් වසා උද්‍යානයට ඇතුළු වී එම ඓතිහාසික ස්ථානවලට සහ වනසතුන්ට හානි කිරිම සඳහා විවිධ උපක්‍රම යොදන බවද එම නිලධාරීහු කියති. කෙසේ නමුත් මෙම උද්‍යානයේ උද්‍යාන පාලකවරයා ඇතුළු නිලධාරින් දක්ෂ ලෙස දිවා රාත්‍රි වෙහෙස නොබලා රාජකාරියේ යෙදී සිටීම නිසා කැලෑපාළුවන්ට, නිදන් හොරැන්ට සහ දඩයම්කරුවන්ට කිසිදු අවස්ථාවක් නැත. රාජකාරිය අකුරටම සිදුකිරීම තුළින් ඉකුත්දා උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ ප්‍රාදේශීය දේශපාළුවන් දෙදෙනෙකුත් ආගමට වින කරන චීවරධාරියකුත් අනවසර දේ සඳහා යොමුකරගත් පාසල් සිසුන් 04 දෙනෙකු සමග අවට ගම්වල පිරිසක් ඇතුළු 28 දෙනෙකු නීතියේ රැහැනට ගැනීමට හැකි වූයේද එම රාජකාරි නිසාය.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ උතුරු කොටසේ පෞරාණික නටඹුන් සහිත ස්ථානයක් වන නගානාගල ප්‍රදේශයේදී යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එකාබද්ධව කළ වැටලීමකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ උද්‍යානයේ දින කිපයක් රැඳී සිට නැරඹීම සඳහා අවශ්‍ය වියළි ආහාර රුගෙන පැමිණි බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටියේ දිඹුලාගල සහ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඒ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් චීවරධාරියා නුවරගල විහාරස්ථානයක වන අතර පාසල් සිසුන් සහ ඉතිරි පිරිස දෙහි අත්තකණ්ඩිය සහ නුවරගල පදිංචිකරැවන් බව හඳුනාගෙන තිබේ. අනවසරයෙන් වස්ගමුව ජාතික උද්‍යානයට ඇතුළු මෙම පිරිස එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ වෙත දැනුම් දීමෙන් පසු ස්වයං නිරෝධනය කිරීමට උප දෙස් ලබාදී තිබේ.
කෙසේ නමුත් ඇඳිරි නීතීය පවතින අවස්ථාවක වස්ගමුව ජාතික වනෝද්‍යානයට වෙසක් පොහෝ දින බලපත්‍ර නොමැතිව ඇතුළුවීම හා රැඳී සිටීමේ චෝදනා යටතේ මෙම සැකකරුවන්ට වනජීවි පනතට අනුව වස්ගමුව ජාතික උද්‍යානයේ කාර්යාලයේදී ඇප ලබාදීම සිදුකර ඇත. ලබන 28 දින සියලුදෙනාම පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීම සිදුකර ඇති බැවින් එදිනට පැමිණෙන ලෙසද වනජීවී නිලධාරින් විසින් දන්වා තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබූ දින ගණනාවක් සඳහා අවශ්‍ය වන පරිදි තිබූ භාණ්ඩ අතර පිහි කිහිපයක් හා ආහාර ද්‍රව්‍ය රුසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවී නිලධාරීන් සැක කරන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ උතුරු කොටසේ පෞරාණික නටඹුන් සහිත ස්ථානයක් වන නගානාගල ප්‍රදේශයට ඇතුළු වී පුරවස්තු සෙවීම සඳහා උද්‍යානයට ඇතුළු වන්නට ඇති බවය.
පොළොන්නරැව වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි වස්ගමුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරැ ටී.කේ.එච්.කේ. පතිරණ මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.
හිඟුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක