2020 මාර්තු 14 වන සෙනසුරාදා

ගොවියා රජකරවන වී සහතික මිල

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

රටට බත සපයන ගොවියා ගොවිතැන ආරම්භ කළ පසු මාස තුනක් හතරක් ගොවිතැන රැකගැනීමට වෙහෙස දරති. එසේ සිදුවන්නේ වන සතුන්ගෙන් සහ කුරැල්ලන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමටය. එලෙස දුක් මහන්සියෙන් කාලය ගත කරමින් නෙලාගන්නා වී අස්වනු අලෙවි කර ගැනීමට යාමේදී ගොවීන් දැඩි ලෙස අපහසුතාවයන්ට පත්වන බවට නිරන්තරයෙන් ගොවීන් නැගූ මැසිවිල්ලයි.

වී වලට නිසි මිලක් නොලැබීම, යෝජිතව තිබූ වීවල වියළි බර ප්‍රමාණවත් ලෙස වේලා සකස් කිරීම, ගොවියා අස්වනු නෙලීමෙන් පසු අලෙවි කර ගැනීමට යාමේදී මුහුණ දෙන ගැටලු වී ඇත. වසර ගණනාවක් පැවති ගැටලුවට විසඳුමක් ලබාදීමට පැවති රජයන් අපොහොසත් වූවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම ගොවියාගේ දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් විය.

එනම් රජය මගින් ක්‍රියාත්මක 2019-2020 මහකන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩසටහනයි. මේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සමූපකාර සමිති මගින් වී මිලදී ගැනීමට ක්‍රියාත්මක විය. ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධිකරණය ඇතුව කෘෂිකර්ම අමාත්‍යංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට ඍජුව එක්වී සිටී.

ප්‍රමාණවත් ලෙස වියළා රැගෙන එන වී වලට රැපියල් පනහක මුදලක් කිලෝ එකකට ලැබෙන අතර වියළි බර 23/24 ප්‍රමාණයේ වී කිලෝ එකකට රුපියල් හතළිස් හතරක් ලැබේ. මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ගොවියා පෝසත් කිරීමේ වැඩපිළිවෙළක් මිස අතරමැදියා පොහොසත් කිරීමේ ක්‍රමයක් නොවන්නට කළයුතු ක්‍රියා මාර්ගයන් ගැනීමට රජය ඉදිරි වැඩපිළිවළ සකස් කරමින් සිටින බව ගොවි නායකයෝ පවසති. ගොවියාගෙන් වී මිලදී ගැනීමේදී විධිමත් ක්‍රමවේදයක් හරහා එය කිරීමට වී මිලදී ගන්නා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ කටයුතු කරමින් සිටිති.

නිසි කලට නිසි වේලාවට තම කුඹුරැ අස්වැද්දීමෙන් කලට වේලාවට එහි අස්වනු නෙළා ගැනීමටද හැකිවේ. ඒ තුළින් නිසි වියළි බරට වී සකසා ගැනීමට හැකිවන අතර යම් ප්‍රමාණයක තෙත වී ඇත්නම් ප්‍රමාණවත් ලෙස වියළා රුපියල් 50ක මිලක් වී කිලෝ එකකට ලබා ගැනීමට හැකියාව පවතී. තෙත බර සහිත වී රැපියල් 44ක මිලකට පහසුවෙන් අලෙවි කර ගැනීමේ හැකියාව ගොවියාට පවතී.

පෙර කන්නවලදී වී අලෙවි කරගැනීමට යාමේදී අතරමැදියන්ගේ ග්‍රහණයට නතුව සිටි ගොවියා මේ ක්‍රමවේදයත් සමඟ නිදහස් ගොවීන් බවට පත්වී ඇත. රජය යම් ප්‍රමාණයක් වී මිලදී ගනිද්දී ගොවීන්ට සිදුවූයේ අතරමැදියන්ට අඩු මිලට වී අලෙවි කිරීමටයි.

රජයෙන් ලබාගන්නා වී වලට මුදල් ලබාගැනීම ගොවීන්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවිය. එහෙත් වර්තමාන වී මිලදී ගැනීමේ ක්‍රමවේදය තුළින් එදිනම බැංකුව හරහා මුදල් ලබා ගැනීමේ හැකියාව ගොවියාට ලැබී ඇත. ගොවීන් පවසන්නේ මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ගොවියා රජකරවීමේ ආරම්භයක් බවත් මෙය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් බවට ගොවීන් කියයි.

 පුත්තලම - රෝවන් පෙරේරා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03