ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇත්තේ මාර්තු මස 8 වැනිදාටය. ඇය දිරිමත් රට සවිමත් මෙවර කාන්තා දිනයේ තේමාව වේ. ජාත්‍යන්තර ලෙසින් විවිධ කරුණු කාරණා හේතුවෙන් දිනයක් වෙන් කෙරුවද කාන්තාවන් වෙනුවෙන් මෙලෙස ජාත්‍යන්තර කාන්තා දිනයක් වෙන්වන්නට මූලිකවම හේතු වූ කරැණ වන්නේ 1908 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ඇති කරන ලද පෙළපාලියක් හේතුවෙනි. තමන්ගේ සේවා මුරය දිනකට පැය දහයකට සීමා කරන ලෙසින් ඉල්ලා මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක පිරිසක් නිව් යෝක් නුවර වීදි ඔස්සේ පෙළපාලි ගියහ. ඒ දිනය වූයේ මාර්තු මස අටවැනිදාය.
1909 වසරේදී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳව අදහසක් ඇතිවුවද එම සැමරීම පිළිබඳව ප්‍රථම වරට නිල වශයෙන් දැනුම් දෙන ලද්දේ 1910 වසරේදී කෝපන්හෝගන් නුවරදී පැවැති සමුළුවේදීය. මෙම සමුළුවේදී ජාත්‍යන්තර කාන්තා දිනය ලෙසින් පෙබරවාරි මස විසි අට මුල්ම වතාවට නම් කළද නිව් යෝක් නුවර වීදි ඔස්සේ ඇඟළුම් සේවිකාවන් ගෙනගිය පෙළපාලිය වෙනුවෙන් අවසානයේදී ලෝක කාන්තා දිනය ලෙසින් මාර්තු මස අටවැනිදා නම් කරනු ලැබීය. මේ අනුව ඩෙන්මාර්කය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක්ම 1911 වසරේ මාර්තු මස අටවැනිදා ප්‍රථම ලෝක කාන්තා දිනය සමරනු ලැබීය.
කාන්තාව යනු වරෙක බිළිඳියකි, දියණියකි, තරැණියකි, බිරිඳකි, මවකි, මිත්තණියකි. දරැවකු කුස තුළ හොවා බිහි කරන්නේද ඇයයි. ඒ කුඩා දරැවාව ලේ කිරි කර පොවා උස් මහත් කරන්නේද ඇයයි. එවැනි මාතෘත්වයක් ලැබූ ඇයට පළමු ලෝක යුද්ධය අවසන් වනතුරැ ඡන්ද අයිතිය ද හිමි වී නොතිබුණි. පිරිමින්ට පමණක් හිමිව තිබූ ඡන්ද අයිතිය කාන්තාවන්ට ද ලබා දුන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමත් සමඟය.
ඇතැම් රටවල් අදටත් කාන්තාවන්ට සලකන්නේ ඉතා පහත් අන්දමිනි. ඇයට විවිධ උපහාස, අපහාසවලට මුහුණ දෙන්නට සිදුවුණි. පිරිමින් අසීමිතව ගෞරව ලබන රටවල කාන්තාවෝ කිසිදු ඇගයීමක් නොලබති. නමුත් ඒ බොහෝ රටවල් මාර්තු අටවැනිදා %කාන්තා දිනය^ මහ ඉහළින් සමරයි.
කාන්තාවන්ට සැලකීමට එලෙස දිනයක් අවශ්‍ය වන්නේද නැත. කාන්තාව යනු හුදෙක් රටක් පෝෂණය කරනා චරිතයකි. බොහෝ කවීහු ඇයව මහ පොළොවට සමාන කළහ. දරාගන්නට අම්මාට, කාන්තාවට හැර වෙන කිසිදු කෙනකුට නොහැක. ඇය කුසින් වදනා තම පැටවා වෙනුවෙන් අසීමිත වේදනා විඳියි. කුස පලා එළියට එන ඒ පැටවාගේ එක හැඬීමකින් ඇගේ වේදනා සියල්ල අවසන් වේ. ඒ දරාගැනීම පුදුම සහගතය. එය සෑම සතෙකුටම පොදු වූ සිදුවීමකි. සොබාදහම දරාගන්නට හොඳම තැන %කාන්තාවට^ ලබා දුන්නාය.
අප රට තුළද සෑම වසරකදීම මාර්තු මස අටවැනිදා මහ ඉහළින් කාන්තා දිනය සැමරෙයි. කාන්තා සංගම් බොහෝමයක් මේ වෙනුවෙන් විවිධ වැඩසටහන් දියත් කරයි. නමුත් කාන්තා දිනය සමරන අප රට තුළ හුදෙකලා ජීවිත සටනක නිරතව දුක් විඳින කාන්තාවන් අගය කොට ඔවුන්ට නිසි අගයීමක් ලබා දෙයිද යන්න ගැටලුසහගත තත්ත්වයකි.
ගිනියම් වූ මේ මහ පොළොව පිරිසිදු කරනා කම්කරැ රුකියාවේ නිරතව සිටින කාන්තාවන්ට එවැනි කාන්තා දිනයක් නැත. ගිනි ගහන මද්දහනේදී ද එළවළු විකුණන, පළතුරැ විකුණන වෙළෙන්දියන්ට විශේෂිත වුණු කාන්තා දිනයක් නැත. එදා වේල හම්බ නොකරගතහොත් ඇයට පමණක් නොව ඇතැම් විට ඇගේ පවුලේ සාමාජිකයන්ට ද කුසට අහරක් නැත. ඉහළ පෙළේ කාන්තා සංගම් කොළඹ තරු පහේ හෝටල්වල මත ඉහළින් කාන්තා දිනය සමරද්දී එදා වේල හම්බකරගෙන කන කම්කරැ කාන්තාවකට කුසට හරිහමන් ආහාරයක් නැත්තේය.
ලංකාවේ මේ වනවිට 52%ක් පමණ බහුතරයක් කාන්තාවන් වෙද්දී පර්ලිමේන්තුව නියෝජනය කිරීමට 25%ක් කාන්තාවට ලබාදිය යුතු බව කලක් සිටම ඉල්ලීම් තිබුණද මේ සියලු අයිතිවාසිකම් ලබන්නට අදටත් කාන්තාවට අයිතියක් හිමිව නැත.
එදා සිට අද දක්වා තේ වතුවල බොහෝවිට තේ දළු නෙලන්නේ කාන්තාවන්ය. සාමාන්‍ය ව්‍යවහාරයේ තේ කඩන අය ලෙසින් හඳුන්වන තේ දළු නෙලන්නියන් හරි අපූරැවට තේ දළු නෙලන අන්දම වේගවත්ය. ඒ රටාව අපූරු වූවාට ඔවුන්ගේ ජීවිත කතා එතරම් අපූරැ වන්නේද නැත. අතීතයේ බොහෝ කාන්තාවන් තේ දළු නෙලන ලද්දේ පිටේ බැඳි විශාල පන් කූඩයකටය. නමුත් වර්තමානය වනවිට ඒ පන් කූඩය වෙනුවට ඇත්තේ පිටේ හෝ ඉනේ බැඳි ඝනකම් පොලිතින් උරය.
අදටත් බොහෝ තේ දළු නෙලන කාන්තාවකට දවසේ වැටුප ලෙස හිමි වන්නේ රුපියල් පන්සීයත් අටසීයත් අතර මුදලකි. එක දිනකට තේ දළු කිලෝ විස්සත් - විසිපහත් අතර ප්‍රමාණයක් ඔවුන් කැඩිය යුතු අතර එම ප්‍රමාණය හඳුන්වනු ලබන්නේ අට්ටමක් ලෙසිනි. බොහෝ විට ඉනේ බැඳී ඇති පොලිතින් උරයට එකවර කිලෝ ග්‍රෑම් දහයක් - දොළහක් පමණ දරා ගතහැකි අතර එය බරෙන් වැඩි වූ විට නැවතත් ඇය වෙනත් උරයක් ඉනේ බැඳ ගනී.
තේ දළු නෙලන්නියෝ එක පෙළට තේ කැබැල්ලේ තේ දළු කඩාගෙන යති. එලෙස කඩන ක්‍රමවේදයන් ද ඇත. තේ පැළයේ ඉහළට එසවී ඇති කුඩා තේ දල්ල සමඟ කොළ දෙකක් කඩමින් ඔවුහු උරයට එකතු කරගනිති. තේ කැඩු කොටස දවස් හතකින් පසුව නැවතත් තේ දළු කඩති.
මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. වැසි සමයේදී ද තේ කැඩිය යුතුය. කෙසේ වුවත් වැසි දවසක රැකියාවට නොගොස් ගෙදර රැඳුණොත් බොහෝ තේ දළු නෙලන්නියන්ගේ මුළු පවුලම බඩගින්නේය. ඇතැම් ප්‍රදේශවල දවසකට අට්ටමක් කඩා තවත් තේ දළු කඩන තේ දළු නෙලන්නියන්ට කිලෝවකට රුපියල් පහළොවක් පමණ අමතර මුදලක් ද ලබා දෙති. මේ නිසාම එවැනි පැති හොයාගන්නට තේ දළු නෙලන්නියෝ උත්සාහ ගනිති.
අපේකම මුළු ලොවටම ගෙන ගිය අපේ තේවල රසය මුළු ලෝකයටම ගෙන යන්නට උර දුන් ඇයට බොන්නට රසවත් තේ උගුරක් නැත. ඇය කැඩූ තේ දල්ලේ නැවුම් තේ රසය වෙනුවට හැමදාවත්ම ඇයට පානට කරන්නට ලැබුණේ රොඩු වුණ තේ කොළවලින් හැදූ ඇල්මැරැණු කහට තේ උගුරකි.
වර්තමානය වනවිට ගම්මානවල ජීවත් වුණ බොහෝ තේ දළු නෙලන්නියෝ රැකියාවල් වෙනුවෙන් නගරයට සංක්‍රමණය වී සිටිති. එදා ගමේ තේ දළු නෙලූ ලෙච්චමීගේ දියණිය වර්තමානයේදී කොළඹ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකි. අද වනවිට ඇඟළුම් කර්මාන්තය ප්‍රධාන අපනයන නිෂ්පාදනයක් බවට පත්ව ඇත. මෙහිදී ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් වෙන්වන්නේ ද කාන්තාවටය. පාසල් අධ්‍යාපනය අවසන් කරන බොහෝ ග්‍රාමීය තරුණියන්ගේ ඉලක්කය වන්නේ නගරයට ගොස් ඇඟළුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් කිරීමය. ඇතැම් විශ්ව විද්‍යාල අපේක්ෂකයන් පවා දරිද්‍රතාවය හේතුවෙන් ඇඟළුම් කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් මැෂින් සමඟ ඔට්ටු අල්ලති. බොහෝ ඇඟළුම් සේවිකාවන්ට හිතෙන තරම් ප්‍රමාණයකට වැටුපක් ලැබෙන්නේ ද නැත. සෑම දිනකම ටාගට් කවර් කිරීමට සිදුවේ. එය ලෙහෙසි පහසු නැත. නමුත් දුක් විඳිමින් ඇඟළුම් කර්මාන්ත ශාලාවල කාන්තාවෝ තම රුකියාවේ නිරත වෙති. එවැනි දුකක් විඳිමින් ජීවන සටනේ නියැලෙන මේ කාන්තාවන්ට ඇතැමුන් ජුකී කෑලි, නූල් කෑලි, ගාමන්ට් කෙල්ලෝ නමින් හඳුන්වනු ඕනෑ තරම් ඇසිය දැකිය හැක.
ඇඟළුම් ක්ෂේත්‍රයේ කාලයක් දුක් විඳිනා බොහෝ කාන්තාවන්ගේ සිහිනය වන්නේ විදෙස්ගත වීමයි. බොහෝ කාන්තාවන් ගුවන්ගත වන්නේ ඇඟළුම් ක්ෂේත්‍රයේම රැකියාවකටය. එසේත් නොමැතිනම් සාත්තු සේවිකාවන් සඳහාය. විශේෂයෙන් ඊශ්‍රායලය වැනි රටක සාත්තු සේවිකාවක් ලෙසින් යන්නට බොහෝ තරුණියන් කැමැතිය. බොහෝ විට ඒ රටේදී ඉතා වයසක පිරිස බලාගැනීම ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවයයි. තවමත් විවාහ නොවුණු බොහෝ තරුණියන් ඒ රටේදී ඉතාමත් වයසක පිරිමින්ගේ සියලු වැඩකටයුතු කරන්නේද ලැබෙන විශාල වැටුප නිසාමය. ඊශ්‍රයලයට යාමට වීසා ලබාදෙන්නේ සාත්තු සේවිකාවන්ගේ රුකියාවට පමණි. නමුත් සරණාගත වීසා මෙන්ම ඇතැම් තරැණියෝ එම රටේදී හොර රහසේම පිරිසිදු කරන්නියන්ගේ රුකියාවල් ද කරති. එය ඉතා අවදානම්ය.
ජීවිත අවදානමෙන් මිල මුදල් හම්බකරනා මේ තරුණියන්ට ජාත්‍යන්තර කාන්තා දිනය දාට විශේෂයක් නැත. ඔවුහු සුපුරැදු පරිදි තම රැකියාවේ නිරත වෙති. කාන්තාවට ලැබිය යුතු අපහාස, උපහාස එපරිද්දෙන්ම ඔවුන්ට ලැබෙයි. සුළු කාන්තා පිරිසක් එදිනට බාල් නටද්දී බොහෝ පිරිසක් කාන්තා දිනයදාත් තම සුපුරැදු කටයුතුවල නිරත වෙති. දිනයකට පමණක් සීමා නොවී කාන්තාවන්ට නිසි ගෞරවය හිමිවන්නේනම් අනාගතය මීට වඩා සුන්දර වනු නොඅනුමානයි.
දිශානි ජයමාලි කරුණාරත්න