2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

ඡන්දයක් නැත්නම් ව්‍යවස්ථාවත් එපා - සජබ

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 39

I ගයාන් ගාල්ලගේ

මැතිවරණ නිසි කලට පවත්වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් වෙත සහාය ලබා නොදීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.

එළඹෙන පළාත් පාලන මැතිවරණයත්, මහ මැතිවරණයත් කල් දැමීම සඳහා රජය පියවර ගන්නා බවට ලද තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔවුන්ගේ තීරණ මීළඟ පක්ෂ රැස්වීමේදී ඉදිරිපත් කර පක්ෂ නායකයා ඇතුළු සියලු දෙනාගේ එකඟත්වය ලබාගැනීමට තීරණය කළ බවත් එම පිරිසේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනමතය නියෝජනය නොකරන විකෘති ආණ්ඩුවක් බිහිවී ඇති මොහොතක ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම ඉතාම බරපතළ අවුලක් බවද ඔවුහු පෙන්වා දෙති.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00