2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

මුල් දිනයේ 2600ක් නෙළුම් කුලුන නරඹලා !

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 50

I ව්‍යාපාරික වාර්තාකරු

මෙම මස 15දා විවෘත කෙරුණු කොළඹ නෙළුම් කුලුන නැරඹීම සඳහා පළමු දිනයේ පමණක් නරඹන්නන් 2610 දෙනකු පැමිණි බව නෙළුම් කුලුන පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා දේශයට පැවසීය.

පළමු දිනයේ පැමිණි 2610 දෙනාගෙන් 90%ක්ම රු. 500/- ප්‍රවේශ පත්‍ර ලබාගත් අය බව පැවසූ සමරසිංහ මහතා රුපියල් 2000/- ප්‍රවේශ පත්‍රය අලෙවි කෙරෙන්නේ ඔන්ලයින් ක්‍රමයට බවත් පැවසීය. ඉදිරි දිනවල විශාල නරඹන්නන් පිරිසක් මෙහි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඒ ගැන කෙරෙන විමසුම්වලින් සනාථ වන බවද ඔහු සඳහන් කළේය.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00