2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

පාසල් අරින්න සියලු දරුවන්ට එන්නත අවශ්‍ය නෑ - මහාචාර්ය පූජිත වික්‍රමසිංහ

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 37

I චමිඳු නිසල් ද සිල්වා

පාසල් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සඳහා සියලු දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි.

බ්‍රිතාන්‍යය ළමා රෝග පිළිබඳ රාජකීය සංගමය උපුටා දක්වමින් මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති සාකච්ඡාවකදී මේ බව පැවසීය. වැක්සින් යනු “රිදී උණ්ඩයක්” නොවන බවද ඒ හරහා සම්පූර්ණයෙන්ම දරුවන්ගේ රෝගී තත්ත්වය සමනය නොවන බවද එම සංගමය උපුටා දක්වමින් මහාචාර්යවරයා මෙහිදී සඳහන් කළේය. ඔහුට අනුව පාසල් ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට එන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව බ්‍රිතාන්‍යය ළමා රෝග පිළිබඳ රාජකීය සංගමය සඳහන් කොට තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයද තවමත් වයස අවුරැදු 12ට අඩු ළමයින් එන්නත්කරණය අනුමත කොට නැතැයි ළමාරෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා මෙහි ප්‍රකාශ කළේය.