ලෝකයේ කතෝලික ප්‍රජාව වඩාත් වර්ධනය වන කලාපයකින් අභිනව පාප් වහන්සේ තෝරාගත යුතු බවට අප්‍රිකානු පූජකවරුන් මතයක් ප්‍රකාශ කිරීමත් සමඟ පාප් වහන්සේගේ පත්වීම සම්බන්ධයෙන් විවාදයක් හටගෙන ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ (B.B.C) නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
මෙහිදී අප්‍රිකානු පූජකවරුන් ප්‍රකාශ කර ඇත්තේ දැනට ලෝකයේ කතෝලික ප්‍රජාව වඩාත්ම වේගයෙන් වර්ධනය වන්නේ අප්‍රිකානු කලාපයේ බැවින් එම කලාපයෙන් අභිනව පාප් වහන්සේ තෝරාගත යුතු බවයි. 2022/ 2023 අතර කාලයේදී අප්‍රිකානු කලාපයේ කතෝලික ප්‍රජාව 3.31% කින් වර්ධනය වී ඇතත් යුරෝපයේ එම වර්ධනය සිදුව ඇත්තේ 0.2% ක් තරම් අඩු ප්‍රතිශතයකින් බව උන්වහන්සේලා පෙන්වා දෙති. එසේම ලෝක කතෝලික ප්‍රජාවගෙන් 20% ක්ම නියෝජනය කරන්නේද අප්‍රිකානු කලාපය බව මෙම මතය ඉදිරිපත් කරන පියතුමන්ලා සඳහන් කරන බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය වැඩිදුරටත් පවසයි.
එබැවින් පල්ලියේ ගෝලීය නියෝජනයට සාධාරණත්වයක් ඉටුකළ යුතු නිසා අප්‍රිකානු කලාපයෙන් නව පාප් වහන්සේ තෝරාගත යුතු බවට ඔවුන් මතයක් පළ කර තිබේ. අවසන් වරට අප්‍රිකානු කලාපය නියෝජනය කළ පාප් වහන්සේ නමක තේරී පත්වූයේ මෙයට වසර 1500කට පමණ පෙර යැයි ද අප්‍රිකානු පූජකවරු කියති.
එසේ වුවද පාප් පදවිය සඳහා තරගයක් දිය හැකි සෙසු කලාපවල කාදිනල්වරුන් මෙන් වතිකානුවේ ඉහළ තනතුරු දරණ ප්‍රබල කාදිනල්වරුන් මේ වන විට අප්‍රිකානු කලාපය නියෝජනය නොකරන බවද බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර තිබේ.