I ගයාන් ගාල්ලගේ
එළඹෙන 14 වැනිදා රට විවෘත නොකරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ගණනාවක් කොවිඩ් මර්දන කමිටුවෙන් ඉල්ලා තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා පැවති රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් එම යෝජනාව නිල වශයෙන් ඉදිරිපත් කර ඇති අතර අනෙක් සෞඛ්‍ය නිලධාරීන් පසුගිය සිකුරාදා ඉල්ලීම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
කෙසේ වෙතත් කෝවිඩ් මර්දන කමිටුව දැනුම් දී ඇත්තේ දැඩි සංචරණ සීමා මැද රට විවෘත කරන බවය. පළාත් හා දිස්ත්‍රික් සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියයි.