2021 මැයි 22 වන සෙනසුරාදා

ජනපති වෛද්‍ය සංගම්වලින් සැලසුම් ඉල්ලයි

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

I දේශපාලන වාර්තාකරු

සංචරණ සීමා පනවමින් රට අර්ධ වශයෙන් වසා දැමූ පසු අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යා යුතු ආකාරය ගැන සිය නිර්දේශ ඇතුළත් සැලසුමක් සපයන ලෙස ජනාධිපතිවරයා වෛද්‍ය සංගම් වෙත උපදෙස් දුන්නේය.

රට තුළ සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පසු පියවර තුනක් යටතේ සේවාවන් ඇණහිටින බැවින් ජනතාව පීඩාවට පත් නොවන ලෙසත් සෞඛ්‍යාරක්ෂිතවත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාමට මෙම සැලසුම් මගින් නව යෝජනා ඉදිරිපත් කරන්නැයි මෙහිදී දැනුම් දී තිබේ.

පසුගියදා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් ගණනාවක් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.