ගයාන් ගාල්ලගේ I
වැඩ තහනමට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පසුගිය සිකුරාදා (31) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ බොරු සාක්ෂි සැකසූ බවට එල්ලවුණු චෝදනාවකට අනුව බව පොලීසිය පවසයි.
2013 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියේදී පොලිස් පරීක්ෂකවරයකු විසින් නීතිවිරෝධී ගිනි අවි කිහිපයක් සම්බන්ධයෙන් ලබාදුන් සාක්ෂියකට අනුව එම ගිනි අවි අත්අඩංගුවට ගෙන එකී ගිනි අවි නිවෙසකට රැගෙන ගොස් තබා සාක්ෂි සැකසීමේ සිද්ධියක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතුවූ බව සඳහන් වේ.
මෙම ලිපිය ලියන මොහොත වනවිටත් ශානි අබේසේකර මහතා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි අතර අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් නිශ්චිතව සඳහන් වූයේ නැත.