2020 ජුලි 25 වන සෙනසුරාදා

විසිපන්දාහකටත් වඩා නිරෝධායනය අවසන් කරලා

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

සමන්ත ප්‍රදීප් l

කොවිඩ් වසංගතය හේතුවෙන් ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් දැනට ක්‍රියාත්මකය. ඒවායේ මේ දක්වා පුද්ගලයන් 25,794 දෙනකු නිරෝධායනය වී පිටව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

දැනට ක්‍රියාත්මක මධ්‍යස්ථාන 44 තුළ මේ සිකුරාදා (24) වනවිට පුද්ගලයන් 4535 දෙනකු නිරෝධායනය වෙමින් සිටි අතර මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ 145,373ක් සිදුකර තිබේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ අසාදිතයන් 561 දෙනාගෙන් රෝගීන් 451 දෙනෙක් එහි රැඳවියෝ වෙති. පුද්ගලයන් 63 දෙනකු එහි කාර්යමණ්ඩල සාමාජිකයන් වන අතර ආරාධිත කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනෙකි. මොවුන් ළඟින් ආශ්‍රය කළ පුද්ගලයන් 42ක් පිරිස අතර වන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.