I ජයන්ත සමරකෝන්
රැඳවියන් 26,000කගේ දෛනික ආහාර වේල සඳහා රජය දිනකම රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් වැයකරන බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව එක් රැඳවියෙකුගේ දෛනික ආහාර වියදම සඳහා රජයෙන් ලබාදෙන මුදල රුපියල් 151ක් බවට ගණන් බලා ඇත.
එහෙත්, මෙම මුදලට සරිලන පරිදි රැඳවියන්ගේ ආහාර වේල නිසි ප්‍රමිතියට අනුව නොලැබෙන බවට ඇතැම් රැඳවියන්ගෙන් චෝදනා එල්ල වන බවද පැවසේ.
රැඳවියන්ගේ ආහාර වේල් සඳහා ලබාදෙන අමුද්‍රව්‍යවලින් කොටසක් (පිල්ලි යන බවට) සැකයක් පවතින බවත්, ඒ සඳහා බුද්ධි අංශ ඇස යොමුවී ඇති බවත් මේ අතර බුද්ධි අංශ නිලධාරීහු සඳහන් කරති.