දේශපාලන වාර්තාකරු I
ඡන්ද ප්‍රචාරක කටයුතුවලට දැඩි නීතිමය සීමා පැනවෙන මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට්ටුව සතිඅන්තයේ නිකුත් වීමට නියමිතව තිබිණි. මෙම සටහන ලියන මොහොතේ එයට සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය හිමිව තිබිණි.
එම ගැසට්ටුවේ විධිවිධාන අනුව පක්ෂ නායකයකු සහභාගී වන මහජන හමුවකට කැඳවිය හැකි උපරිම ජන සංඛ්‍යාව 500කි. ඒ සියලු දෙනා සමාජ දුරස්ථභාවය රැකෙන ලෙස ස්ථානගත කළ යුතුය. ඒ ආකාරයටම ප්‍රාදේශීය මට්ටමේ ජනහමුවකට සහභාගී විය හැකි උපරිම ගණන 300කි. ගෙන්ගෙට ප්‍රචාරක කටයුතු සඳහා යා හැකි පිරිස පස්දෙනකුට සීමා වෙයි. ඔවුන් සියලු දෙනා මුඛ ආවරණ පැළඳ සිටිය යුතුය. මහජන රැස්වීම්වලට සහභාගීවන්නන්ට අත් සෝදා පිරිසිදු කරගන්නට අවශ්‍ය පහසුකම් රැස්වීම් භූමියේ තිබිය යුතුය.
මෙම ප්‍රධාන නිර්දේශ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට්ටුවේ අන්තර්ගත වන අතර මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය බලධරයන්ට පැවරෙයි. එය අධීක්ෂණය කොට නීතිමය පියවර ගැනීමටද සෞඛ්‍ය බලධරයන්ට බලය හිමිවෙයි. එසේම මැතිවරණ කොමිසමට ද එහි යම් යම් නිර්දේශ සම්බන්ධ බලතල ගණනක් පවරා ඇතැයි කියැවේ.