2020 ජුලි 18 වන සෙනසුරාදා

කොරෝනා සුටුස් ගා බෝවෙන පිරිසක්

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

I දේශපාලන වාර්තාකරු

බෝනොවන රෝග පවත්නා අයට කොරෝනා රෝගය බෝවීමේ හැකියාව උපරිම වශයෙන් පවත්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.

අරලියගහ මැඳුරේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය පාදෙණිය කීවේ මෙතෙක් කොරෝනාවෙන් මියගිය අයගෙන් 96.22%ක්ම බෝනොවන රෝග සහිතව කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති වගය. බෝනොවන රෝග නොමැති කොරෝනා ආසාදිතයන්ගෙන් මරණයට පත්වූ පිරිස 3.8%ක් බවද වෛද්‍ය පාදෙණිය කීය. දියවැඩියාව, පිළිකා, අධිරුධිර පීඩනය ආදිය මෙම බෝනොවන රෝග ගණයට අයත්ය. කෙසේ හෝ එක් කොරෝනා රෝගියකුට මාසයක් තුළ 512 දෙනකුට රෝගය බෝකළ හැකි නිසා මෙහි අවදානම ඉහළ යැයි ද වෛද්‍ය පාදෙණිය අවධාරණයෙන් කීය.