I හසිත් අංජන
ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵලය සහ කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධව තමන් මීට පෙර පැවසුවේ කිව යුතු සත්‍ය බවත් ඒ සම්බන්ධව තමන්ට සමාජයෙන් කුමන බලපෑම් එල්ල වුවත් ඒ ගැන තමන්ට කළ හැක්කක් නොමැති බවත් ජාතික සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා දේශයට පැවසීය.
ජාතික සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධව නිහඬ වන ලෙස තමාට දන්වා ඇති නමුත් සිය පක්ෂයේ කිසිම ජ්‍යෙෂ්ඨයකු තමන්ට මේ ගැන විරෝධය පළ කිරීමක් හෝ බලපෑමක් සිදුකර නැතැයි ඔහු කීය.
කාදිනල්තුමා ගැන සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳව පක්ෂය විනය ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි දේශයේ අප කළ විමසීමකදී හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ තවමත් ඒ පිළිබඳ තමන්ට කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකළ බවයි.