I ජයන්ත සමරකෝන්
හිටිහැටියේ කෝටිපතියන් බවට පත්ව සිටින බන්ධනාගාර නිලධාරීන් 7 දෙනකු පිළිබඳව මේ වනවිට තොරතුරු හෙළි වී ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. ජේලර් නිලයෙන් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇතැයි කියන මෙම නිලධාරීන්ගෙන් වැඩි දෙනා පාපැදියෙන් හා බස් රියෙන් සේවයට පැමිණ මේ වනවිට ඉහළ තනතුරු දරමින් වතුපිටි, ඉඩකඩම්, යාන වාහන, නිවාස, ව්‍යාපාර ස්ථාන ඇතුළු රැපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයාගෙන ඇතැයිද වාර්තා වේ.
මෙම නිලධාරීන් අතරින් කීපදෙනකු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයිද බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය.
රාජ්‍ය බුද්ධි අංශ මගින් හෙළිකරගන්නා මෙම තොරතුරු අල්ලස් හෝ දූෂණ කොමිසමට ලබාදීමට නියමිත බවද දැනගන්නට තිබේ.