හසිත් අංජන l
මහ මැතිවරණයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීම සහ මනාප ගණන් කිරීමේ කටයුතු දින 3ක කාලයක් පුරා සිදු කිරීමට සාකච්ඡා කරමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ඒ අනුව මහ මැතිවරණය අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු මස 6 වැනිදා සිදුකිරීමට නියමිතය. එදින මහ මැතිවරණයේ දේශපාලන පක්ෂ දිස්ත්‍රික් මට්ටමින් ලබාගත් ආසන සංඛ්‍යාව නිවේදනය කිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා කීය.
අගෝස්තු මස 7 වැනි දින ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නිවාඩුවක් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති අතර 8 වැනිදා දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් ලබාගත් මනාප ගණනය කිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.