I හසිත් අංජන
අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් කණ්ඩායමක් ලබන මස මැද මෙරටට පැමිණීමට නියමිත බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ සාමාන්‍යාධිකාරී චාන්දනී වටවල මහත්මිය පැවසීය.
ආසියානු රටවල ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් 10ත් 12ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණෙන අතර ඔවුන් සිය නිරීක්ෂණ කටයුතු ලබන මස තෙවැනි සතියේ සිට ඇරඹීමට නියමිතය.
වෛද්‍ය සහ සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් එම නිරීක්ෂකයන් මෙරටට පැමිණෙන අතර විදෙස් නිරීක්ෂකයන් ගෙන්වා ගැනීම සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළ බවද චාන්දනී වටවල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.