l ආරක්ෂක වාර්තාකරු
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එළඹෙන සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
පෙර දැනුම් දීමකින් පසුව ඔවුන්ගේ නිවෙස්වලට ගොස් එම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර යන අයගෙන් පසුගිය සිකුරාදා ප්‍රකාශ සටහන් කරගත් බව දැනගන්නට ඇත.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළව ඉහත කී අයගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබුණි.