2020 ජුනි 20 වන සෙනසුරාදා

මහ ඡන්දයේ අතිරේක වැය මේ සතියේ

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

I හසිත් අංජන

පාර්ලිමේන්‍තු මහ මැතිවරණය සඳහා වන අතිරේක අයවැය මෙම සතියේ සකස් කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

හෙතෙම සඳහන් කළේ සෞඛ්‍ය  අමාත්‍යාංශය විසින් පසුගියදා ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පිරිසිදුකාරක සෞඛ්‍ය ආරක්ෂිත ආරක්ෂිත උපකරණ ආදිය මිලදී ගැනීම සදහා මෙම අතිරේක අයවැය සැකසෙන බවයි. දිවයිනේ සෑම ඡන්ද කොට්ඨාසයක් සඳහාම මෙම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ මිලදී ගත යුතු බවත් ඊට අමතරව ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පිරිවැය ගණනය කළයුතු බවද එම ප්‍රකාශකයා කීය.

මහ මැතිවරණයට අදාළව  පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් මෙම සතියේ අග වනවිට පැවැත්වීමට බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.