l ජයන්ත සමරකෝන්
ගාල්ල බූස්ස බන්ධනාගාරයේ උප ප්‍රධාන ජේලර්වරයාගේ නිවෙස ඉදිරිපිටින් ඉකුත්දා හමු වූ ටී-56 උණ්ඩ සහිත පාර්සලය දූෂිත නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝ පාතාල කණ්ඩායමක් විසින් ඔහු බියට පත් කිරීම සඳහා කරන ලද්දක් බවට බන්ධනාගාර උසස් නිලධාරියෙක් දේශයට පැවසීය.
මෙම ජේලර්වරයාට මීට ඉහතදීද එහි රඳවා සිටින පාතාල කණ්ඩායම් නායකයන්ගෙන් තර්ජන එල්ල වී ඇතැයි ද දැනගන්නට ඇත.
මෙම නිලධාරියා බූස්ස බන්ධනාගාරයට කිලෝමීටර් 1 ක් දුරින් පිහිටි සිය නිවෙසේ නිදා සිටියදී පසුදින අවදි වී බලන විට මෙම ටී-56 උණ්ඩ පාර්සලය ඔහුගේ නම සඳහන් කර තබා ගොස් තිබියදී ඉකුත්දා පොලීසිය විසින් සොයාගනු ලැබීය.