2020 ජුනි 06 වන සෙනසුරාදා

ඡන්ද පැමිණිලි කාර්යාල සඳුදා අරඹයි

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I හසිත් අංජන

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලුම දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කාර්යාලවල කටයුතු හෙට (8දා) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශයෙක් දේශයට කීය.

එම ප්‍රකාශකයා සඳහන් කළේ මහ මැතිවරණ දිනය සඳුදා ප්‍රකාශයට පත්කළ පසු මනාප අංක ලබාදීමේ කටයුතු ආරම්භ කරන බවත් සෞඛ්‍ය සේවා කටයුතුවල නිරත සේවකයන්ගේ තැපැල් ඡන්ද අයදුම් පත් යොමු කිරීමේ කාලයද සඳුදා (8) දක්වා දීර්ඝ කර ඇති බවත්ය.

මහ මැතිවරණය දින දෙකකදී පැවැත්වීම පිළිබඳ යෝජනාව තවමත් මැතිවරණ කොමිසම සලකා බලමින් සිටින් අතර මැතිවරණය දින දෙකකදී පැවැත්වුවද ප්‍රතිපල නිකුත් කරන්නේ එකම දිනයක බව එම ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය.