2020 මැයි 30 වන සෙනසුරාදා

බිලියන 200ක මුදල් අච්චු ගසයි

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

I ව්‍යාපාරික වාර්තාකරු

පවත්නා අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් අලුතෙන් මුද්‍රණය කර ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග කියයි.

එම අරමුදල් භාණ්ඩාගාර බිල්පත් හරහා රජය විසින් ලබාගෙන තිබේ. ඒවා භාවිතකර ඇත්තේ රජයේ ආර්ථික ස්ථායිකරණ අරමුදලට - රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට හා කොවිඩ් අර්බුදය සඳහා සහන සැපයීම ඇතුළු රාජ්‍ය වියදම් වෙනුවෙනි.

මෙලෙස අලුතින් මුදල් මුද්‍රණයෙන් රටේ උද්ධමනය ඉහළ යා හැකිදැයි විමසූ විට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබුණේ එවැන්නක් සිදුවන්නට කිසිදු ඉඩක් නැති බවයි.