I දේශපාලන වාර්තාකරු
කොවිඩ් 19 වසංගතය හා ඇඳිරි නීති තත්ත්වය මත මාස ගණනක් වසා දමා ඇති චිත්‍රපට සංස්ථාවට අයත් (රිත්ම) මණ්ඩලයේ සිනමාහල් 65කට පමණ යෝජිත රු.50,000ක සහනාධාර ලබාදීම විෂයභාර අමාත්‍යංශ ප්‍රධානියකු විසින් අත්හිටුවා ඇතැයි දේශයට වාර්තා වෙයි.
සංස්ථා මණ්ඩලය යටතේ ඇති සිනමාහල් 65න් 14කට මුලින්ම මෙම සහනය පිරිනැමීමට යෝජනා වූ අතර ඒ සඳහා සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද හිමිවිය. මෙම විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාද ඊට අනුමැතිය ලබාදී තිබිණි. එහෙත් අමාත්‍යංශයේ ප්‍රබල නිලධරයෙක් මෙම ගෙවීම අනවශ්‍ය බව කියමින් එම යෝජනාව නවතා දැමීය.
දිවයිනේ සිනමාහල් ප්‍රදර්ශන මණ්ඩල 4කට අයත්ය. සංස්ථාවට අයත්වන්නේ (රිත්ම) මණ්ඩලය පමණි. පෞද්ගලික අංශයේ එක් මණ්ඩලයක් දැනටමත් මෙම සහනාධාරය ඔවුන්ගේ සිනමාහල්වලට පිරිනමා ඇත්තේ සේවක වැටුප් ආදිය ගෙවීමට උදව්වක් වශයෙනි.