2020 මැයි 23 වන සෙනසුරාදා

සහල් පාලන මිල ළඟදීම ඉවතට

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

යසවර්ධන රුද්රිගු I

සහල් සඳහා රජය පැනවූ උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීම පිළිබඳ වගකිවයුත්තන් අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව දේශයට වාර්තා වෙයි. පසුගිය මාසයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 90ක උපරිම සිල්ලර මිලක්ද පැනවීය.

කීරි සම්බා කිලෝවක උපරිම මිල රුපියල් 125ක් විය. මෙම මිල ගණන් නියම කිරීම පිළිබඳ ඇතැම් මහා පරිමාණ වී මෝල් හිමියන් විරුද්ධත්වය පෑවද ඒ ගැන සැලකිල්ලක් නොදැක්විණි.

අද වනවිට වෙළෙඳපොළේ කැකුළු සහල් කිලෝව රුපියල් 105 බැගින්ද සම්බා සහ නාඩු කිලෝව රුපියල් 115 බැගින්ද විවෘතව අලෙවි කෙරේ. කීරි සම්බා පමණක් පාලන මිලට අඩුවෙන් කිලෝව රුපියල් 115 බැගින් අලෙවි කරයි.

සිල්ලර වෙළෙඳුන් පවසන්නේ මෝල් හිමියන් තමන්ට සහල් සපයන්නේ පාලන මිලටද වැඩියෙන් නිසා පාලන මිලට අලෙවි කළහොත් අතින් පාඩු සිදුවන බවය. එසේම සෙසු සහල් වර්ගවලට සමාන කීරි සම්බා ප්‍රමාණයක් මිලට ගන්නා බවටද බලපෑම් කරන බව ඔවුහු පවසති. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සිල්ලර වෙළෙඳුන් පමණක් අත්අඩංගුවට ගන්නා අතර විශාල ව්‍යාපාරිකයන් වැටලීමෙන් මගහැර සිටින බවටද චෝදනා එල්ල වේ.

එසේම මේ වනවිට දිවයින පුරා සහල් හිඟයක් නිර්මාණය වී ඇත. කැකුළු, නාඩු සහ සම්බා සහල් වෙළෙඳසල්වල නොමැත.

සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ ස.තො.ස. පවා කිලෝව රුපියල් 92.60 බැගින් මෝල් හිමියන්ගෙන් සම්බා මිලට ගෙන පාලන මිලට අලෙවි කර පාඩු ලබන බවය. ඒ නිසා දැනට පවතින උපරිම සිල්ලර මිල සංශෝධනය කිරිම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01