2020 මැයි 23 වන සෙනසුරාදා

මහ රටවල් 4කට තානාපතිලා නෑ

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

රාජ්‍යතාන්ත්‍රික වාර්තාකරු I

ලොව ප්‍රධාන පෙළේ රටවල් 4ක තානාපති හා මහ කොමසාරිස් තනතුරු පුරප්පාඩු වී ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. ඒ අනුව ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය සහ ඉන්දියාවේ මහ කොමසාරිස් හා තානාපති ධූර කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතී.

මේ සඳහා සුදුස්සන් තෝරාගැනීම සඳහා දැනට රජය ක්‍රියා කරමින් සිටින අතර මැතිවරණ පසුබිමේ පත්වීම් ප්‍රදානය සම්බන්ධයෙන් පවත්නා ගැටලු හේතුවෙන් පත්වීම් ප්‍රදානය ප්‍රමාද වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.