2020 මැයි 09 වන සෙනසුරාදා

කොවිඩ් නසන්න එන්නත් 200

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

I සුගත් පී. කුලතුංගආරච්චි

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත්  අත්හදා බැලීමේ තරගයක් මේ වනවිට ලෝකයේ රටවල් අතර හටගෙන හමාරය. මේ වනවිට ලොව රටවල් 73කින් එන්නත් 200ක් පමණ අත්හදා බැලීම් සඳහා යොමුකර තිබේ. ඒ අතරින් එන්නත් 102ක් සාර්ථකත්වය පෙන්වා ඇත. එයින්  8ක් පමණක්  සායනික අත්හදා බැලීම් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය  අනුමත කර ඇත.

පූර්ව සායනික අත්හදා බැලීම්වලදී සාර්ථකත්වය දැක්වු තවත් එන්නත් 70කට වැඩි  ගණනක්  ගැනද දැඩි අවධානය යොමුව තිබේ.

පළමු වරට කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් මිනිස් සිරුරට එන්නත් කරණය කිරීමේ පර්යේෂණය අමෙරිකාවේ ජාතික සෞඛ්‍ය කාර්යාංශය විසින් පසුගිය මාර්තු මස 16 වැනිදා සිදුකරනු ලැබීය. චීනය  එන්නත් 3ක් මිනිසුන් යොදා පරීක්ෂාව ඉකුත් සතියේ ඇරැඹීය. ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත සරසවියේ නිෂ්පාදිත නවතම වෛරස වීරෝධි  ප්‍රතිදේහ උත්තේජක එන්නත මිනිසුන් යොදා පරික්ෂාව ජූලි මසදී ඇරඹෙන්නට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති ලැයිස්තුවට තවමත් ඇතුළත් නොවූ එන්නත් ගණනාවක්ද මේ වනවිට මූලික පර්යේෂණ මට්ටමේදී සාර්ථකත්වය පෙන්වා තිබේ.