හසිත් අංජන I
මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ කෙරෙන තවත් සාකච්ඡාවක් ලබන 12 වැනිදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා දේශයට කීය.
තවමත් රට තුළින් කොරෝනා වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින් මැතිවරණය පැවැත්විය යුතු සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා කරමින් පවතින බවද ඒ මහතා පැවසීය.
මේ වනවිට මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ශේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳවද බොහෝදුරට ඉදිරි හමුවේදී සාකච්ඡා කරනු ඇති බවත් සමන් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.