2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

මැතිසබේ කැඳවන්නේ උසාවියෙන් කීවොත් විතරයි

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

I දේශපාලන වාර්තාකරු

අධිකරණ තීන්දුවකින් තොරව තමන් කිසිසේත්ම පැරැණි පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා දේශයට පැවසීය.

ජූනි මස 2 දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පාර්ශ්ව ගණනාවකින් තමන්ට ඉල්ලීම් ලැබී ඇතැයි පැවසූ කරු ජයසූරිය මහතා ඒ සියලුදෙනාට තමන් ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවකින් තොරව තමන් මීට මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව යැයි වැඩිදුරටත් කීය.