2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි නඩු 09ක්

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

I අධිකරණ වාර්තාකරු

ජූනි මස 2 දිනට පෙර නව පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි යයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු 9ක් ගොනු කිරීමට පාර්ශ්ව ගණනාවක් කටයුතු කරනු ඇතැයි නීති අංශ ආරංචි මාර්ග කියයි.

දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක් මෙන්ම තවත් සිවිල් සංවිධාන කිහිපයක්ද විසින් මෙම නඩු පැවරීමට නියමිතය. ඉදිරි සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේවා ගොනු කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.