ගයාන් ගාල්ලගේ I
රට තුළ සංචරණ සීමාව 90% දක්වා සීමා නොකළහොත් අප්‍රේල් මස අවසන් සතිය වනවිට අධි වසංගත තත්ත්වයක් උදාවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ මහතා දේශයට පැවසීය.
ඒ නිසා දැනට වරින්වර ඉවත් කරන ඇඳිරි නීතිය දීර්ඝ කාලයක් පවත්වා දැඩි සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අට වැදෑරුම් වැඩපිළිවෙළක් තම සංගමය මගින් යෝජනා කරන බවද වැඩිදුරටත් කීය.